ටීෂා නාද්ට පේන් කිලර්ස් දීල තිබ්බත් සැරින් සැරේ උට තුවාලෙ වේදනාව දරාගන්න අමාරු තරමට දැනෙනව කියන්න සැරින් සැරේට වේදනාවෙන් මිරිකෙන උගෙ ඇස් මට සාක්ෂි දුන්න. මේ හින්දම මං නාද්ගෙ ඇස් මග අරිද්දි ඌ තවත් මගෙ ඇස්වල එල්ලෙන්න ආවෙනෑ. උගෙ වේදනාව මට දරාගන්න බෑ කියල ඌ හොඳටම දන්න හින්ද ඌ පුළුවන් තරම් උගෙ වේදනාව හැංගුව. මට වෙඩි වැදිල නැති හින්ද මට නාද්ට දැනෙන වේදනාව කොච්චරද කියල හිතාගන්න බෑ, ඒත් මට බය නැතුව කියන්න පුළුවන් මගෙ එකා හයියයි. ඌ මටත් වඩා හයියයි....!!!පැයක් වගේ යද්දි ටීෂට පුළුවන් උනා නදීර කියන වසවර්තියව තනිකරම සෙක්සි කෙල්ලෙක් විදිහට වෙනස් කරන්න ....!
" ඒ.....! මෙහ්..... ආයුෂ්....!! මූව මට දීල උඹ යන මගුලක පලයන්කො බං .....!!
නදිය මොකෝ කියන්නෙ දැන් යමන්
මං උඹව මැරි කරනව. අම්මපා මේ දැන් උඹව මැරි කරල හනිමූන් එකටත් එක්කන් යනව...!! "" පලයන් යන්න පාහරයා !! ආවා මෙතන මගෙ එකාව උස්සන්න. යට තුන නැතුව යවන්නෙ දැනගනිං උලමො...!!! "
" මේ මේ උඹල දෙන්න පස්සෙ ඕවා ගලවගනිල්ල. දැන් යන්න පිටත්වෙමු .."
ඇත්තටම කිව්වොත් මායි ක්රිෂයි රණ්ඩු වෙන්න ගත්තහම ඉන්න තැනත් මතක නෑ පොඩි උන් දෙන්නෙක් වගේ ඔහේ මරාගන්නව. වටේපිටේ මොකා හිටියත් අපිට අදාල නෑ .
" නාද් යන් මැණික , ගෙදර ගිහිල්ලා අරං එන්න ඕනෙ මොකුත් තියෙනවද නාද්.."
" අමුතුවෙන් ගන්න දෙයක් නෑ ආයු... අපි ඉක්මනින් යන්කො.... !!! "
නාද් උගෙ හයිය කොච්චර පෙන්නන්න හැදුවත් ඌ හිටියෙ ෂොක්වෙලා. එහෙම නොවී තියෙන්නෙ විදිහක් නෑ , මොකද නාද් කියන්නෙ සෙල්ලක්කාර චරිතයක් උනාට ඌ මැරයෙක් මිනීමරුවෙක් නෙවෙයි . අපි කට්ටියම ටීෂගෙ කාර් එකට නැග්ගෙ ටීෂගෙ ඉල්ලීමට. ටීෂට අපිට උදව් කරන්න ලොකු හේතුවක් තියෙනව කියල අපි එක්ක කිව්වත් ඒ හේතුව මොකක්ද කියල ටීෂා අපිට කිව්වෙ නෑ . අපි පිටත්වෙන වෙලාවෙ ඒක කියන්න ටීෂා පොරොන්දු උනේ මේ වෙලාවෙ අපි ඔක්කොම ඉන්නෙ ලොකු අවධානම හින්ද....
කළු අයියගෙ ගෙදරට යන පාර දන්නෙ මං හින්ද කාර් එක ඩ්රයිව් කරේ මං . කාටවත් සැක නොහිතෙන්න නාද්ව මං ඉස්සරහ සීට් එකෙන් වාඩිකර ගත්ත. මේ වෙද්දි මං හිටියෙ සෑහෙන්න කල්පනාවෙන්. කලින් කලබල වෙලා හිටපු හින්ද මං එච්චර ගැඹුරට හිතන්න ගත්ත , ඒ හින්දම මං වාහන වැඩිපුරම යන ප්රධාන පාරට කාර් එක දැම්ම...