මනුස්සයෙක් කියන්නෙ කවුද කියල ඇහුවොත් මටයි නාද්ටයි පෙන්නන පුළුවන් කීපදෙනෙක් විතරයි . ඒ ක්රිෂ් , කළු අයිය අනික් කෙනා ටීෂා...අතේ ඇඳුනුයි සල්ලියි විතරක්ම අරං මායි නදීරයි මේ ගමන පිටත්වුනේ පුළුවන්තරම් කාලයක් මාලු බෝට්ටුවේ කළු අයියට උදව් කරගෙන ඉඳල ආපහු හොරෙන් ගොඩබිමට ඇවිල්ල ඈත පළාතකට පැනල ගිහිල්ලා ජීවත් වෙන්න හිතාගෙන උනත් අද අපි මොකුත් නොකියම කළු අයිය අපි ඉල්ලුවටත් එහා උදව්වක් කරල තියෙද්දි ඒ කරපු උදව්වට කොහොම ස්තූති කරන්න ද කියල අපි කාටවත් හිතාගන්න බැරි උනා.....!!!
කළු අයියගෙ පස්සෙන් අපි හතරදෙනාම බෝට්ටු නවත්තල තිබ්බ ජැටියක් ගාවට ගියේ රාත්රියේ අඳුරත් එක්කමයි. අඳුර කිව්වත් අපේ ගමනට ආශිර්වාද කරන්න වගේ අද හඳත් පායල එළිය දෙනවදෝ කියල මට හිතුන...!!!
බෝට්ටුව ගාවට ආව අපි බෑග්ටික බෝට්ටුවෙන් දාලා ආයෙත් එළියට ආවෙ මගෙ සහෝදරය වගේම අලුත් සහෝදරීට සමුදෙන්න හිතාගෙන . සමහරවිට මේක අපේ අන්තිම හමුවීම වගේම අන්තිම වෙන්වීමත් වෙන්න පුළුවන් නේද කියල හිතෙද්දි මට දැනුනෙ මගෙ පපුව නිකං කවුරු හරි හයියෙන් හුස්ම ගන්න බැරිවෙන්න මිරිකනව වගේ හැඟීමක් ....!!!
මෙච්චර වෙලා ගාණක් නෑ වගේ හිටිය ක්රිෂ්ගෙ තොල් වෙව්ලන විදිහ මට හඳ එළියෙන් පේද්දි ඊගාව තප්පරේම මං ඌව කිටි කිටියෙ හිරකරල බදාගත්තෙ අවුරුදු ගාණක් තිස්සෙ එකපතේ කාගෙන ගහමරාගෙන එක බඩවැල කඩන් නාවත් මගෙම සහෝදරය උන ක්රිෂ්ගෙ උණුසුම මට අන්තිම පාරට දැනෙන දවස අද හින්දයි....!!!
ක්රිෂ්ට උගෙ ගෙදරට උන්ට වඩා හැමදාමත් ලොකු උනේ මාව. අදත් වරෙන් ක්රිෂ් අපිත් එක්ක යමු කිව්වනං ඌ එනව කියල මට ඉර හඳ වගේ විශ්වාසයි. මෙච්චර වෙලා හරි ඌවත් අරං පලයන් කියල කෙඳිරි ගාපු නැති එක මට ලොකු පුදුමයක් උනා....!!!
ඒත් ඒ පුදුමෙට වැඩි ආයුෂ තිබ්බෙ නෑ !
" මාවත් උඹල එක්ක එක්ක පලයන් ආයු. උඹල නැතුව මං කොහොමද මෙහෙ තනියෙන් ඉන්නෙ ?
ඒයි අවලමා වර මෙහාට තෝත්...!!
තොපි දෙන්න තමයි යකෝ මගෙ ජීවිතේ... ! "