🌑🍂පළමුවන පරිච්ඡේදය🌑🍂

478 50 11
                                    

මුලු කාමරයම අන්ධකාරයෙන් වෙළිලා ගිහින්.. හරියට බිදුණු මගේ සීතල හදවත වගේ...

මං බැලුවේ රුධිරයෙන් තෙත් උන මගේ අත දිහා... සරත් සද එළියට ඒක හරි අපූරුවට දිළිසෙනවා.. කිසිම වේදනාවක් නෑ..කිසිම හැඟීමක් නෑ.. නොනවත්වා ගලා යන රුධිරය දිහා මං ඔහේ හිස් බැල්මෙන් බලාගෙන හිටියා විතරයි..

" එරාන්....."

මට ඇහුනේ මළානික හීන් හඬක්.. මං තදින්ම දෑස් පියා ගත්තා..ඔව්. මං හොඳටම දන්න ඒ හඬ.. මං ප්‍රතික්ෂේප කරන හැම මොහොතකම මාව අසරණ කරන ඒ හඬ...

" එරාන්.. ඔයාට තුවාලයි.."

නැවතත් ඒ හැඬුම්බර සිහින් හඬ..

දෙනෙත් සිමින් විවර කරපු මම එතෙක් දැල්වෙමින් පැවති දුම්වැටිය ඉවතට විසි කරමින් නැඟී සිටියා..මගේ මුලු අවධානයම යොමු උනේ බිමට.. බිදුණු වීදුරු කැබැලි හැම තැනම.. මොහොතකට පෙර මගේ අතේ තිබුන රතු රෝස මලත් ඒ අතර.. එහි විසිරුණු පෙති මත තැවරුණු වත්සුණු තවමත් එහෙමමයි..

" එරාන්.. කරුණාකරලා මට සමාවෙන්න.." නැවතත් ඒ සිහින් හඬ.. හදිසියේම මට ඕන වුණේ ඒ හඬ නෑසෙන සීමාවකට යන්න.. ඒත්... ඉවතට යන්න උත්සහ කරන මගේ ශරීරය වටා හදිසියේම උණුසුම් දෑතක් වෙලී යනවා මට තදින්ම දැනුනා.. ඒ රෝසී.. මාව හැමදාමත් අසරණ කරන ඒ හඩේ අයිතිකාරිය..!

" එරාන්.. කරුණාකරලා මොනවා හරි කියන්න.."

ඇය මිමිණුවේ වෙව්ලන ස්වරයෙන්..

" පැත්තකට වෙයන් ! " මං කිව්වේ දැඩි ස්වරයෙන්..

ඒ ඇස් වල නැවතත් කඳුළු පිරුණේ හරි ඉක්මනට.. මං හැමදාම ආයාසයෙන් මඟ හරින ඒ දිගු දෑස්...ඔව්, මට ඒ මොහොතෙත් ඕන උනේ ඒ දෑස් මඟ හැරලා යන්න විතරමයි... මොකද ඒ දෑස් ඉස්සරහ දුර්වලයෙක් වෙන්න මට ඕන උනේ නෑ..

"එරාන්... ඔයාට ගොඩක් තුවාලයි.." ඇය හැඬුම්බර හඬින් කිව්වේ නැවතත් මාව වළක්වමින්.

" රෝසී.. මං තමුසෙට දැන් සැරයකුත් කිව්වා! මගේ යකා අවුස්ස ගන්නේ නැතුව පලයං මෙතනින් !!" මං කෑ ගැහුවේ ඉවවහා ගිය කෝපයකින්.

ඇය එහෙමම හැඬුම්බරව බිම හිදගෙන මුහුණ දෙකකුල් අතරේ හොවා ගන්නවා මං ඇස් කොනින් දැක්කා.. මට තවත් එතන රැදෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ.. බිදුණු වීදුරු කැබලි මතින්ම මම එතනින් පිට වෙලා ආවා.. ඔව්. කිසි දෙයක් නොකියාම..

AUTUMN MOON [Eran's diary] | (On hold)Where stories live. Discover now