හතලිස් හයවෙනි ඉඩෝරය🌵

1.6K 294 27
                                    

ශෙනාල්ගෙ pov❤️

හොස්පිට්ල් එකකට වෙලා ඉන්න එක වස කම්මැලි වැඩක්......

කකුල නං අවුලක් නෑ....ඒත් මගේ ඌරු පැටියා නෑනෙ....
ලස්සන චූටි චූටි නර්ස් නෝනලා නං ඉන්නවා....ඒත්  බැලුවෙ නෑ ඉතිං....

මොකද බැලුවා වගේ නෙවේ ඊට පස්සේ යෙහාර මං ළග ඉන්න  වෙලාවක එක්කෙනෙක් හරි ඇවිත් හිනාවුණොත් එහෙම මට සිංහ ප්‍රහාරයක ගොදුරක් වෙන්න වෙනවා.....

පරිස්සමෙන් ඉන්න එක කෝකටත් හොදයිනෙ.....

මම යෙහාරට කෝල් කරා රෑ වෙලා.... එයා ගෙදර ගිහින් වොෂ් දාලා කාලා ඇදට ආවා කීවා....නංගිත් ළග නෑ මමත් නෑ කිය කිය කෙදිරි ගෑවා ටිකක්...ටිකක් වෙලා කතා කලාම හරි ගියා.....

එයා තාම ටිකක් හිතේ අවුලෙන් ඉන්නෙ....ටික දවසකින් ඒක හරියයි...
මගේ මේ කකුල නැත්තං මම දැන් එයා ළගනෙ.......

පහුවෙනිදා දවල් රොවේන් ආවා කෑමත් අරන්...යෙහාරත් එන්න ඕනෙ කීවට එයාව හැන්දෑවෙ එක්ක එන්නං කීවා....සමහර විට මට යන්න පුලුවන් වෙයි....කකුලට ලොකුවට ඩැමේජ් නෑ.
තුවාලෙ විතරයි...

"ගෙදර යන්න තිබ්බනං හොදයි බං..."

"පොඩ්ඩක් කකුල බිම තියාගන්න පුලුවන් වෙනකං ඉදිං...දේවාන්‍ය කතා කලා...සුමිත් රිමාන්ඩ් එකේ....මිනිහා රෑ මැද්දෙ බය වෙවී කෑ ගහනවලු..."

මම ඔලුව වැනුවා....
මම එයාව අතෑරිය එක හොදයි....එයා එක පාර මැරුණනං එයාට පසුතැවීමක් නෑ..ඌ පසුතැවෙන්න ඕනේ....ඌ විනාශ කරපු ජීවිත ගාණේ ඌ විදවන්න ඕනේ...

සමහර විට මම මේ ලෝකේ විශ්වාස නොකරන දේවල් පවා ඒ ඉරණම විසදන්න උදව් කරාවි.........
සමහර දේවල් වල ඇත්ත නැත්ත හොයන්න නොයන තරමට හොදයි...

අද උදේ මම ආයෙත් මගේ අලුත්  සයිකොලොජිස්ට් ව මුණ ගැහුණා....
එයත් එක්ක කතා කලාම එයා කීවා අර බෙහෙත් නිසා ඇතිවුණු බලපෑම දැන් සෑහෙන දුරට අඩුයි කියලා....
තවදුරටත් මගේ දිනාල් කියන පර්සනැලිටි එක නෑ.....

මට දැනෙනවා මම මනසින් ශක්තිමත් වෙලා.... තවදුරටත් මට මගේ ප්‍රශ්න දරාගන්න දිනාල් කෙනෙක් ඕනෙ නෑ...
සමහර විට ඒකට හේතුව යෙහාර වෙන්න ඇති...නංගි වෙන්න ඇති....
තවදුරටත් මට හානියක් කරන කවුරුත් නැති නිසා වෙන්න ඇති...

පතොක් මල්🌵✔️Where stories live. Discover now