හයවෙනි ඉඩෝරය🌵

2.5K 440 57
                                    

ශෙනාල්ගේ pov ❤️

මම ගෙදර එන ගමන්......
අද දවස නං මහ වදකාර දවසක්....
අවුලක් නං වුණේ නෑ....
ඩැඩ් ඉස්සරහා ජාමේ බේරගත්තා කොහොමහරි.....ඒත් අන්තිම මොහොතේ රිපෝට් එක ලියලා ඉවර කරේ , අර ඌරු පැටියගෙ මෝඩ වැඩේ හින්දා...
ඉතිං පොතේ හැටියට  මං සතුටින් අද දවස හොද විදිහට ඉවර වුණ එක ගැන.....

ඒත් මගේ හිතට මොකද්දෝ ලොකූ හිස් ගතියක් දැනෙනවා...
මම මට මැවි මැවී පෙනෙන මූණ අමතක කරන්න උත්සාහ කර කර ඩ්‍රයිව් කරා...

මං කේන්තියෙන් කෑගහද්දි ඒ පොඩි එකාගෙ මූණ බෙරිවුණ විදිහ......ෂිට්...
ඌ අඩන්න වගේ මූණ හදාගෙන අඩන එක යටපත් කරගත්ත හැටි....
මට එවලෙ සිරාවටම කේන්ති ගියා තමයි.....
ඒත් ඒ මූණ මට අමතක කරන්න බෑ...
දැන් හිතලා පලක් නෑ...
වෙච්ච දේ වෙලා ඉවරනෙ...
මමනෙ බොස්....වැරැද්දට බනින්න මට අයිතියක් තියෙනවා...

මමම මාව සාධාරණීකරණය කරගත්තා

ඒත් ඇයි මම මේ මෙච්චර වද වෙන්නෙ......
මනුස්සයෙක් මළා කීවටවත් මෙලෝ හැගීමක් නොදැනෙන මම....
ඒ ඌරු පැටියා කොහොමද මගේ පපුවත් හාරගෙන අස්සට ගියේ....
මට ඌව එලියට ඇදලා දාන්න බැරිවෙයිද??

මොකද්ද මේකෙ තේරුම??
උත්තර නැති ප්‍රශ්න.....
මට රොවේන් හැර වෙන කිසිම යාළුවෙක් දැනිලම නෑ....
රොවේනයත් මට එච්චර දැනුනෙ ඌ මම පොඩිකාලෙ ඉදලා දන්න නිසා.....
ඌත් නුවර ඉදලා කොළඹ බෝඩිං ඉස්කෝලෙකට ගිය  මං වගේම කොල්ලෙක් නිසා...

හම්මට රොවේනයා මතක්වුණ ගමන්ම උගෙන් කෝල් එකක්.....

ඌ ඇවිල්ලත් ඇති....
කොහෙද මට අමතක වුණානෙ... ඔක්කොම මේ ඌරු පැටියෙක් හින්දා...

"මචං.... කොහෙද උඹ ...එන්නැද්ද???
මං ඇවිත් දැන් විනාඩි විස්සක් ඕයි.., මාව ගනිං කෝවිල ළගින්.."

"මං කිට්ටුව ඉන්නෙ බං....පොඩ්ඩක් ලේට් වුණා...හිටපං ටිකක්...
නිකං ගෑල්ළමේක් වගේ දගලන්නැතුව ..."

මම කෝල් එක කට් කරලා කෝවිල ළගට ඩ්‍රයිව් කරා....

අද කෙලින්ම ගෙදර යන්නෑ...රොවේනයා එක්ක පොඩි වැඩක් කරන්න තියෙනවා.....
ඇත්තටම කීවොත් වැඩේ හෙට...
අද තමා වැඩේ ලෑස්ති කරන්නෙ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now