06 ᴄʜᴀᴘᴛᴇʀ

67 10 6
                                    


[ 2020 / 12 / 09 ] past .................. ᵀᴬᴱᴴᵞᵁᴺᴳ ˢᵀᴼᴿᵞ

කාලගුණය තරමක් සිසිල් දෙසැම්බර් මාසය නිසා හිම වැටීම ආසන්න.

[ Tas 's pov ]

මිනිස්සුන්ගේ කෑගැහිල්ල මගේ කන ලගින්ම ඇහෙනකොට මට තවත් ඇස් පියන් ඉන්න බැරි උනා. එ අස්සෙන් මට පොලිස් වාහනවල සද්දෙත් ඇහුණා. ඇස් ඇරලා බැලුවාමයි මම දැක්කේ මම නිදං ඉඳලා තියෙන්නෙ පාරෙ කියලා . පොලිසිය වගේම මිනිස්සුත් මාව වට කර ගෙන මොන මොනවාදෝ කියවනවා. අත් දෙකෙන් ඇස් පොඩි කර කරම නිදි ගැට කඩපු මට පෙනුනා එ අවට තියෙන කහ පාට පටි හැම තැනම . හරියට අපරාධයක් උනු තැනක් වගේ .

" මොහ් ! මම අපරාධයක් උනු තැනකද නිදාගෙන තියෙන්නෙ ? "
" වේ ? මම ගෙයක් දොරක් නැති එකෙක් වගේ පාර නිදාගත්තේ ?

එවා දැක්ක හැටියෙම මට හිතුණේ එහෙම . හිටපු තැනින් නැගිටලා ඇදුම් ගසනකොටයි මට දැනුනේ මගේ ඇදුම් හොඳටම තෙතයි .

" යා....හ්...... වැස්සෙට තෙමීගෙනම මම පාරෙ නිදාගෙනද ? "

වට පිට බලලම මම කල්පනාකරෙ වැස්සද කියලා හිතලා. හැබැයි මම විතරයි තෙමිලා හිටියේ අඩුම් තරමෙ වැස්සක සෙයාවක්වත් අවට තිබ්බෙ නැ .

" අහ් ! මගේ ඔලුවත් රිදෙනවා "

මම කල්පනා කරන්න උත්සහ කරා එදා රෑ මොකක්ද උනේ කියලා . එත් මට දැඩි හිසෙ කැක්කුමක් මිස කිසි දෙයක් මතක නෑ . මගෙ අවට තිබ්බ පරිසරයෙත් වැස්සක සෙයාවක්වත් නැ . ඉතිං ඇයි මම තෙමිලා . මගෙ ළඟ සොජු බෝතල් කිහිපයකුත් තව මම කාපු කෑම වල කොල වගයකුත් තිබ්බා . සමහර විට මම බොන්න ඇති .
ඉතිං මම නිගමනෙකට ආවා . පහුවෙනිදා රෑ බීපූ නිසා මට මෙහෙම වෙන්න ඇති . කොහොමත් මට වැටුණ තැන නින්ද යනවා නේ . තෙත ඇදුම පිටින්ම මම ගෙදර යන්න කියලා හිතාගෙන ඉස්සරහට අඩිය තියද්දිම මට ඇහුණේ Ambulance එකක සද්දයක් එ සද්දෙට එ පැත්ත බලද්දී මට තේරුනා. ඇත්තටම මම වැරදිලා හරි නිදාගෙන තියෙන්නෙ අපරාධයක් සිද්ද උනු තැනක කියලා .

" එත් මෙ කොහෙද ? "
" මම කලින් මෙතන ඇවිත් තියෙනවා වගේ මතකයක් නෑ නේ ම්........... "

 𝕱𝖗𝖔𝖟𝖊𝖓 𝕳𝖊ᨵ𝖗𝖙 ᴼᴺᴳᴼᴵᴺᴳ ᴛᴀᴇᴋᴏᴏᴋ ꜰɪᴄᴛɪᴏɴ Where stories live. Discover now