04 - Q & A 😉

337 58 15
                                    

කට්ටිය මගෙන් අහල තිබ්බ ප්‍රශ්න වලට මම මෙතන උත්තර දෙන්නම්. මම මොනවා හරි මිස් කරලා නම් සොරි හොඳද🥺

ඒ වගේම ඔයාලා ගෙ ප්‍රශ්න තියෙ නම් මෙතන කෙමෙන්ට් එකක් දාන්න. මම ආයෙ පාර්ට් ටූ එකකදී උත්තර දෙන්නම් හොදෙ 😉

(ලැජ්ජායි වගෙ නම් ඉන්බොස් දාන්න. ඒත් ලැජ්ජයි නම් මට ඊමේල් කරන්නකො.. ඊමේල් එක නම් ඩිස්ක්‍රිප්ෂන් එකෙ තියෙයි. ඒත් ඉතින් එච්චර දුර යන්න ඕනෙ නෑ. අපි අපිනෙ ඉන්නේ මෙතන 🤗)

_____

1. විවරණ ලියන එක හොඳද? කොහොමද ලියන්නෙ?

ඔව්. විවරණ ලියන එක සෑහෙන්න හොඳයි. විවරණ ලියද්දී ඔයාලා පුලුවන් තරම් කොටස පාඩම් කරලා මතකෙන් ෂෝට් නෝට් එකක් වගේ ලියන්න උත්සාහ කරන්න. පොත බලෙන වචන එකෙන් එක ලියන්න යන්න එපා තේරුමක් නෑ. කාලය අපරාදෙ. ඒ වගේම විවරණ වැඩෙ විභාගෙ හෙටයි කියලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. 2024 ඒලෙවල් බැච් එකට අද පටන් ගත්තොත් කරන්න පුලුවන්.

මම නිකන් එක උදාහරණයක් කියන්නම් කො. සරල එකක් ඈ.  බයෝ වලින් උදාහරණයක් කියන්නම් හොඳේ.

ආ.. මුලින්ම සලකන්න ඕනෙ මේක.  අපි සාමාන්‍යයෙන් විවරණ ලියන්නෙ mcq වලට. හරි උත්තරෙ හොයන්න තියනවා හිතමු. එතකොට ඔයාලා හරි උත්තරෙ හරි ඇයි කියලා විතරක් නෙවෙ විවරණෙ ලියන්න ඕනෙ. වැරදි උත්තර වැරදි ඇයි. එහෙනම් ඒවාගෙ හරි එක මොකක්ද කියලා ලියන්න ඕනෙ. 

උද්‍රා

ප්‍රොටිස්ටාවෝ පරිණාමික බන්ධුතා මත වර්ගී කරණය කල රාජධානියකි.

මේක වැරදීනෙ. එතකොට ඔයාලා වැරදියි කියලා විතරක් ලියලා මදි.

* ප්‍රොටිස්ටාවෝ බහු වංශික අධිරාජධානිකි. පරිණාමික බන්ධුතා නොසලකා වර්ගීකරණය කල කෘතිම වර්ගීකරණ කාණ්ඩයකි. එක් පූර්වජයෙකුට වඩා වැඩි ගණනකින් සම්බවය වී ඇත.  

ඔය ගානට වත් ලියන්න ඕනෙ. ඔයාලට විවරණෙ ලියන්න කම්මැලී වගේ නම් ඔයාලාට ඒ කොටස බලන්න පුලුවන් නිකන් කියවලා. හැබැයි සිහියක් ඇතිව කියවන්න ඕනෙ.

මේක ඕනෙම සබ්ජෙක්ට් එකකට කරන්න පුළුවන්. ගනන් හදන්න තියෙ නම් සමීකරණෙ ලියලා එතනම ලස්සනට හදන්න පුලුවන්.

blended studying ~ study tips Where stories live. Discover now