තේයෝ ජන්ග්ගුක්ගෙන් එයාගේ අප්පා ගැන ඇහුවට පස්සේ ආයෙත් ෆොටෝ ඉල්ල ඉල්ල කරදර නොකලේ ජන්ග්ගුක් හිටිය මලානික තත්වේ දැක්ක නිසයි....... තේයොට ලොකු දුකක් දැනුනා ජන්ග්ගුක් ගැන....... එයා ගැන දැනගන්නත් කලින් අතුරුදන් උන එයාගේ අප්පා සාමාන්‍ය මනුස්සයෙක් නොවෙන්න පුලුවන් කියන අදහස තේයොගේ ඔලුවේ මුල් බැහැලයි තිබ්බේ...........
නැත්තන් ඉතින් මිස්ටර් ජියෝන්ට එයාගේ හැම පවර් එකක්ම පාවිච්චි කරලා කොරියාවම පීරුවත් ටේහියොන්ග්ව හොයා ගන්න බැරි වෙන්න බෑනේ...... ඊටත් අපිට බෑ තේයෝට දොලොස්වෙනි උපන් දිනේට ලැබිච්ච අරුම පුදුම ගිෆ්ට් එක , ටෙලිපෝට් ඇබිලිටි එක ගැන නොසලකා හරින්න....
තේයෝ එයාගේ මේ අමුතු හැකියාව නිසාමයි තීරණේ කරේ එයාගේ අප්පා ගුප්ත කෙනෙක් වෙන්න ඇති කියන්න..... මන් කිව්වනේ.... තේයෝ එයගේ වයසේ සාමාන්‍ය ලමයෙක්ට වඩා බැරෑරුම් චරිතයක්........ හොද බුද්ධියක් වගේම තීරණ ගනිද්දි හොද ඉවක් එයාට තිබ්බා..... ගිෆ්ටඩ් චයිල්ඩ් කෙනෙක් වගේ.....
ඉතින් ඔය එව්වා මෙව්වා සිද්ධි වලිනුයි එයාගේ අරුමපුදුම බර්ත්ඩේ එකෙන් පස්සේ දවසේ රෑ දෙයියනේ කියලා පපා එනකන් ඇදේ වැටිලා හිටිද්දි තමා තේයොට ඔය ඔක්කෝම කල්පනා කරේ...... දැන් නම් තේයොට එයාගේ ටෙලිපෝට් ඇබිලිටි එක සෑහෙන්න දුරට අමතක වෙලා තිබ්බේ....... ඉතින් පපා එකනක් එයාලගේ සිනිදු සැපපහසු ඇදේ වැටිලා රිලැක්ස් වෙන ගමන් ඉද්දි තේයොගේ මනස එයා බර්ත්ඩේ එක දවසේ දකින හීනේ පුරාම කරක් ගහන ගමන් තිබ්බේ.....
තේයෝ ගැස්සිලා ඇහැරියත් එයාට ඇස් අරින්න ඕනේ උනේ නෑ...... එයාට කිසිම අදහසක් තිබ්බෙ නෑ කොයි වෙලෙද එයාට නින්ද ගියේ කියන්න...... ඒත් එයා නිදාගෙන හිටිය ඉරියව්ව නිසා එයාට සැහෙන්න අපහසුවක් දැනුනා....... තේයෝ අනිත් පැත්ත හැරෙන්න හැදුවේ එයාගේ පපාට තුරුල් වෙන්න හිතන්... ඒත් එයා හිටිය ඉරියව්ව නිසා තේයෝගේ ඇස් නිකන්ම ඇරෙන්න පටන් ගත්තා..... ඔහ්.... එයා හිටියේ කොහෙත්ම සැපපහසු ඉරියව්වක නෙවෙ....... එයා හිටියේ හාන්සි පුටුවක...... ඒක කුශන් කරලා සනීපෙට හදලා තිබ්බත් තේයෝ හිටිය අගර දගර ඉරියව්ව එක්ක එයාට නම් ඒ පුටුව කොහෙත්ම සුව පහසු උනේ නෑ...........
YOU ARE READING
DEMON'S SON (Ongoing ) - (Slow update)
Fanfictionතේයොට තිබ්බේ තද ලේ රතු පාට ඇස්........ ඉර එලිය වැටුනම කාටවත්ම පුලුවන් උනේ නෑ තේයොගේ ඇස් වල ඒ පාට හොයාගන්න...... කොටින්ම ජන්ගුක් පවා ඒ ඇස් වල පාට දැක්කේ චොක්ලට් දුබුරු පාට විදිහටයි......... ඒත් පුරහද තියෙන දවසට තේයෝගේ ඇස් වල තිබ්බ මිනීමරු ලේ රතු පාට...