එදා අහම්බෙන් වගේ තේයෝ නිදි ඇදේදිම එයා දකින හීනේ තිබ්බ කාමරෙට ටෙලිපෝට් උනාට පස්සේ ආයේ එයාට එතෙන්ට යන්න අවස්ථාවක් ලැබුනේ නැතිම තරම්..........
මුල්ම දවසේ යක්කු ගස් නගින අන්දකාර වෙලාවක එතනට ගියපු හින්දා එයාට කාමරේ බලාගන්න බැරි උනානේ........ ඉතින් තේයෝ එයාට නිදහස් වෙලාවක් එනකන් පණු පැටියෙක් වගේ එහාට මෙහාට නලිය නලිය හිටියේ......... ආයෙත් එතෙන්ට ටෙලිපෝට් වෙන්න....... තේයෝ ඒ කාමරෙට නම තිබ්බේ ඩාර්ක් ඩ්‍රීම් කියලා........මෙහෙමයි ඒක මහ විකාරයක් වගේ තමා ඒත් එයා තාම දන්නේ නෑනේ ඒ කාමරේ කොයි පලාතේ මොන වගේ ගේයක් ඇතුලක තියෙන එකක්ද කියලා.....තේයෝ දන්න එකම දේ ඒ කාමරේ තිබ්බේ එයාගේ හීනේ ඇතුලේ කියන්නත් ඒ හීනේ හැමතැනකම වාගේ අදුර ගෑවීලා තිබ්බා කියන්නත් විතරයි.....
තේයෝ හිටියේ බරසාර වැඩක......කොහොමින් කොහොම හරි තේයෝ ඒ කාමරෙට යන්නම ටෙලිපෝට් ඇබිලිටි එක ටිකක් ප්‍රැක්ටිස් කරලා......... දැන් ඒක එයාට හරිම ලේසි වැඩක් වෙලා තිබ්බේ............මුලදි ජන්ගුක් හොදටෝම කලබල උනා එයා ප්‍රින්ස් චාර්මින් එක පාරටම එයාගේ පිටිපස්සේන් අත් අස්සෙන් රිංගද්දි...........ඒත් සටකපට තේයෝ එයාගේ මේ රහස පපාට ඉව වැටෙන මානෙකවත් තියෙන්න දුන්නේ නෑ...........අදත් එයා හිටියේ එදා එයාට ඩාක්ඩ්‍රීම් එකේ මගඇරිච්ච ටිකක් බල බල.....ඒ අතරේ තේයෝ දැක්කා කර්ටන් එක්කින් වහල තිබ්බ ලොකු බිත්තියක්....... බිත්තියක් කිව්වට ඒක ලොකු ෆොටො එකක් කියන්න තිරේ උඩින්ම අල්ලලා බලද්දි තේයෝට තේරුනා.......ඉතින් තේයෝ දිවිහිමියෙන් තිරේ අදින්න ගත්තේ ඊට යටින් තියෙන ෆොටෝ එක බලන්න.......
""බ්රාස්ස්ස්ස්..................""
"හ්හීහීහී............... මලකෙලියයි............ අපොයි................. ඒක ඉරුනානේ................"
තේයෝ කොච්චර වීරිය දාලා තිරේ ඇද්දද කියනවා නම් අන්තීමේදි තිරෙන් ලොකු කොටසක් ඉරිලා තේයොවත් වහගෙනම බිමට වැටුනා............... දෙයියනේ දැන් මේ කාමරේ අයිතිකාරයා මේක දැක්කොත් අනිවාර්යයෙන් එයා දැනගනි මෙතෙන්ට කවුරු හරි අවා කියන්න............. තේයෝ ෆොටෝ එක දිහා බැලුවේ තිරේ ලාවට අටවන්න හරි පුලුවන්ද බලන්න.......... ඒ උනාට තිරේ අමතක වෙලා ගියා ෆොටෝ එකේ අපැහැදිලි රූපේ එයාගේ ඇස් වලට හුරුවෙනකොට................. කාමරේට වැටිලා තිබ්බ මලානික හද එලියට තේයෝ දැක්කේ එයාගේ පපාගේ කඩවසම මූන........... ඒ වගේම තව කෙනෙක් පිටිපස්සේන් එයාව වැලදගෙනයි හිටියේ.......... ඒ හරියට එලිය අඩු උන නිසා තේයෝ ජනේලේ ගාවට ගිහින් ජනෙල් තිරය සම්පූර්ණයෙන්ම එහාට කරලා දැම්මා............
YOU ARE READING
DEMON'S SON (Ongoing ) - (Slow update)
Fanfictionතේයොට තිබ්බේ තද ලේ රතු පාට ඇස්........ ඉර එලිය වැටුනම කාටවත්ම පුලුවන් උනේ නෑ තේයොගේ ඇස් වල ඒ පාට හොයාගන්න...... කොටින්ම ජන්ගුක් පවා ඒ ඇස් වල පාට දැක්කේ චොක්ලට් දුබුරු පාට විදිහටයි......... ඒත් පුරහද තියෙන දවසට තේයෝගේ ඇස් වල තිබ්බ මිනීමරු ලේ රතු පාට...