04 වන කොටස

3K 517 56
                                    

තව හොරා කිහිපයයි.... අවුරුදු ඇවිත්.... වලව්වේ එකම කලබැගෑනියයි.... අම්මණ්ඩි එහෙට දුවනවා මෙහෙට දුවනවා.... පුරුදු විදියට තෙල් තාච්චිය ලඟ ඉදන් දැනුත් වයසක උන්දලා කැවිලි හදනවා....

ඕන් මන් දැක්කා අහිංසත් කොහෙට දෝ මන්දා දුවනවා.... මෙකට දැන් කකුල් කඩුත්තුව හැදෙනවා.....

නිදා ගන්න දෙන්ඩය කියලා සිරියාවති නැන්දාට කියලා ගිහින් තිබ්බත් මන් එද්දිත් අම්මණ්ඩි කොල්ලාව ඇහැරවලා.... අම්මණ්ඩිගේ වචනෙට පිටින් කාටද යන්ඩ පුළුවන්.... නිදි මරගාතේ ඇවිල්ලා තව ඩිංගෙන් එකා මගේ වාහනේට හැප්පෙනවා....

උදෙම්ම මගේ බැනුම් අහන්.... මුනත් ගොරකා ලෙල්ලක් කරන් ඉදලා දැන් කඩේ දිව්වා ද කොහෙදෝ.... අච්චර අර පාල ඉද්දි අම්මණ්ඩි මෙකව විතරමදෝ කොහෙද පෙන්නේ....

පාල.... එකා ඊයේ රෑ පැලට ගිහින් මැණිකේ බලන්ඩ.... එකට දැනටමත් ලමයි හතරයි.... ඔකා ඔය ඊයේ රැත් ගොහින් තියෙන්නේ අඩව්වක් අල්ලන් තමා මයේ හිතේ....

මගෙන් අහා ගත්ත තරමේ හැටියට ආයේ නම් කොල්ලාව තනිපංගලමේ දාලා කොහෙවත් යන්නේ නැති වෙයි....

අහිංස.... එකා ඉස්සරහා මන් වෙනස්.... එක මට තේරෙනවා.... එකා කරන තරමක් කරන්නේ මාව කෙන්ති ගස්සන එක.... ටිකකට කලියෙනුත් පොල් ලෙලි ගහන ගමන් මට දෙහි කැපුවා....

එකා කොහොම හැසිරුනත් එකට ගහන්න අත ඉස්සෙන්නේ නැති එක නම් පුරස්සනයක්.... එකා අත්තම්මා එක්ක එකතුයි.... අත්තම්මා අම්මණ්ඩි වගේ නෙමේ.... වලව්වක මහා මැණිකේ වුනත් අත්තම්මා ඉන්නේ සාමාන්‍ය විදියට

මට ඇහුනා අහිංස එක්ක මොන මොනවදෝ හරි හරියට කියොනවා.... අහිංසත් එකටම ගැලපෙනවා.... කටර් එකක් එකා තනිකර.... අත්තම්මා කියලත් වෙනසක් නෑ.... එයාටත් කවුරු හරි කියවන්න හම්බුනොත් වෙන මොකුත් නෑ

පාන්දර වැහැපු වැස්සට මිදුල හොදටෝම හෙදිලා ගිහින්.... දුවිලා නෑ එක හොඳයි.... නැත්නම් අතු ගාද්දි වලව්ව වැහෙනවා දුවිලි වලින්....

" පුංචි හාමු "

" ම්ම්ම්ම් "

" මැණිකේ දෙන්න කිව්වා "

අඩවිය ✓Where stories live. Discover now