මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
දනිමී පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයිඅහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේඇදේ වැතිරිලා ඉදපු මට ඇහුනේ එකායේ කටහඬ මේ මහා රෑ සිංදු කියනවා අහින්ස... එකා කලුවරට බයයිනේ... ඇදෙන් නැගිට්ට මන් දොරත් ඇරන් දිව්වේ එලියට... එකා නෑ එකාගේ කාමරේ එකා නැති වෙද්දි හොයන්න පුළුවන් හැම තැනම මන් එකාව හෙව්වා...
අනේ උඹ කොහෙද මැණිකේ ඉන්නේ කොච්චර කෑ ගැහුවත් එකා නැති වෙනකොට මයේ හිත ගැහෙන්න ගත්තේ වතුරෙන් ගොඩ ගත්ත පණ අදින මළුවෙක් වගේ...
ලිද... පහල ලිද... " අනේ මැණිකේ එපා උඹට මොකුත් වෙන්න එපා... " මටම කියා ගන්න ගමන් මන් දිව්වේ ලිඳට... නැහෑ අහින්ස උඹට මොකුත් වෙන්නේ නෑ... උඹ එතන ඉන්න විදියක් නෑ... උඹ මට පොරොන්දු උනා මගේ ඔලුවේ අත තියලා උඹ දිව්රුවා මැණිකේ ඒ පැත්තකට යනවා තියා ඒ දිහා ඇහැක් ඇරලාවත් නොබලන්න... උඹට බෑ අහින්ස...
" අහින්ස "
එපා... මේ උඹ නෙමේ... අහින්ස නෙමේ මේ ඉන්නේ එකා නෙමේ... දුවන් ආපු මගේ කකුල් නතර උනේ මට ඉස්සරහායින් ඉදපු ඒ රුපේ නිසා... වෙන කවුරුත් නෙමේ ඒ ඉදියේ අහින්ස... එකා ඉදියා වෙන කොහෙවත් නෙමේ ලිං බැම්ම උඩ වැතිරිලා... එකා ඇදන් ඉදියේ සමරක්... කලිසම් කොටෙ ඇදන් එහේ මෙහේ දුවන එකා සරමක් ඇදන්... මයේ තොල්පොට පවා වෙව්ලද්දි මන් එකාට කතා කරා...
" අහින්ස "
" සහස් "
සහස්... පුංචි හාමු කියලා හුරතල් වෙන එකා... ඉදලා හිටලා ඉදුවර කියලා කිව්වත් සහස් කියලා නොකියන කොට වෙන්න මොකද්ද කියලා මන් බලන් හිටියා... එකා බැම්මේ ඉද ගත්තා... හිනා වෙනවා... කා එක්කද කතා කරනවා... උඹ ඔය කතා කරන්නේ කා එක්කද මැණිකේ... මන් දිහා බලනවා ආයේ හිනා වෙනවා... කා එක්කද හෝ ගාලා කියොනවා...
එකා හිටියේ කලු සරමට කලු කමිසයක් ඇදන්... අනේ ඇයි මැණිකේ මේ කලු... මගේ අත් වෙව්ලනවා එකා ගාවට යා ගන්න බැරුව මාව වෙව්ලනවා... මේ ඇත්ත නෙමේ... මෙක හිනයක්... හිනයක් යකෝ... මෙක හිනයක්... මන් මට ම කියා ගත්තා...
YOU ARE READING
අඩවිය ✓
Fanfictionසොහොන් කොතක අරලිය මල් හිට වු... සදා නොමියෙන... අවසන් පෙම... 18 + / 13+ Mature Start - 2024 - 01 - 16 End - 2024 - 02 - 18