Jennie's POV
"ජෙනී ඔයා දන්නවද මේ තැන ගැන?"
"හ්ම්ම්?"
අපි හිටියේ පාර්ක් එකක, කොළ නැති ලොකු ගහක් ඉස්සරහ හිටගෙන.
"එයාලා කියන විදිහට මේක ගොඩක් පරණ ගහක්, කොච්චර පරණ වුනත් තාමත් ඒක ශක්තිමත්." ඇය පැහැදිලි කළා.
"වාහ්... ඒක නියමයි."මම කිව්වා.
"මම දන්නවා... හරි. ඒකයි මම ඔයාව මෙහෙට එක්ක ආවේ.. ඔයාටත් මගේ ආදරේ මේ ගහ වගේ කියලා පොරොන්දු වෙන්න."
ඇය මගේ අත වඩාත් තදින් අල්ලාගෙන, ඇගේ සිනිඳු දෑත් මගේ අත් දෙකත් සමඟ පටලවා ගත්තා.
මම ඇය දෙස ආපසු හැරී බැලුවා.
"අපි මුණගැහුන කාලෙ ඉඳන් නේද?"
මම ඇය දෙස බලා ඇහි බැම එසවූ අතර, ඇය සිනහවකින් සංග්රහ කලා.
.
.
.
.
.
.
.
ඉදිරියෙන් ඇති විශාල ගස දෙස බලා සිටි මම සුසුමක් හෙළුවෙමි.
අවුරුදු 2ක් හ්ම්ම්ම්ම්....
මම කටුක සිනහවක් පෑ අතර උණුසුම් සුලග මා අසලින් ගමන් කරන බව මට දැනුනා.
කාලය ඉතා වේගයෙන් ගෙවී ගිහින්...
මට ඔයා නැතුව පාලුයි.
මම නැවත වරක් සුසුමක් හෙලුවා."හෙලෝ..ඔයා හොඳින්ද?"
ඒ කටහඬ හදිසියේම මගේ සිතුවිලි වෙනතකට යොමු කල නිසා මම එය කොහෙන්දැයි බැලුවා.
මම දැක්කා තරමක් උස කෙල්ලෙක් මගේ දිහා කලබලෙන් බලනවා.
"ඔව්." මම මගේ මහපටැඟිල්ලෙන් මගේ මුහුනේ කදුලු පිසදැමූ අතර ඇය දෙස බලා සිනාසීමට උපරිම උත්සාහයක් දැරුවා.
ඇය සුසුමක් හෙලු අතර එය මට ඇසෙන තරමට උස් හඬින් ඇසුනා.
"කොෆී?"
මම ඇගේ යෝජනාව පිළිගනිමින් සිනාසුනා.
"හ්ම්ම්ම්ම්.."
කවුරුහරි ඈත ඉඳන් අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුනා.
YOU ARE READING
අහිමි ✅
Short Story"ඇත්තටම මේක අපේ කතාවේ අන්තිම පිටුව නම් මට ඔයත් එක්ක අන්තිම පාරට ඩාන්ස් කරන්න පුලුවන්ද?" මම ඇගේ අතට අත දී හිස වැනුවා. "...ඔයා කිව්ව හරි.., ලබන ආත්මෙදි..අපි මුණගැහෙනවා.. "සෝ ඩොන්ට් ක්රයි බේබී... මොකද මම ඔයාව කොහොම හරි ඒ ආත්මෙදි හොයාගන්නවා." Started;...