Lisa's POV
පල්ලියේ විවෘතවුණු දොර දිහාවෙන් මගේ මුළු ජීවිතයේම දැක ඇති ලස්සනම කාන්තාව මගෙ දිහාවට ඇවිදගෙන එනවා සිහිනයකින් වගේ දුටුවා.
රතු පලස දිගේ මා දෙසට ඇවිදගෙන එන විට ඇය දිහාම මම බලාගෙන හිටියා.
එම අලංකාර මංගල ඇඳුමට ඇය වෙන කවරදාකටත් වඩා මට සුන්දරව පෙනුනා. තව දුරටත් මට ඇයගෙන් නෙත් ඉවතට ගැනීමට නොහැකි වුනත් මං මාවම පාලනය කරගන්න අසාර්ථක උත්සාහක යෙදුනා.
මොහොතකට ලෝකයම නතර වී ඇති බව මට දැනුනා.
ඊට පස්සේ, ඇය හිස ඔසවා බැලුවා, අපේ ඇස් එකිනෙක ගැටුණා.
"ඔහ්!!"
මගේ හිත ඇතුලෙන් හිරිවැටෙනවා වගේ මට දැනුනා.
ඇය මා දෙස බලා සිනාසුනත් ඇගේ දෑස්වලින් වේදනාවක් පෙනුනා. එය මගේ හදවත ඇතුලටම වැදුණා. මම ආපසු සිනාසුණත් මගේ සිතටත් වේදනාවක් දැනුනා.
හෙට දිනයේ ඇයගේ විවාහය වෙනකෙකු හා සිදුවීමට තිබූ නිසාවෙන්,මේ රාත්රීයේ අපි විවාහ ගිවිසගෙන අපේම ලෝකයකට පළායාමට සැලසුම් කරගෙන තිබුනා.
නමුත් අවාසනාවකට මෙන්, සියලු සැලසුම් අසාර්ථක වුනා.
කඳුළු පිරුණු මුහුණින් ඇය මගෙ දිහාවට දුවගෙන එනවා මම දුටුවා.
"ශ්..ශ්ශ්හ්හ්"
අපි කිට්ටු වූ වහාම මම ඇයව තුරුල් කර ගෙන සැනසුවා.
මම දන්නෙම නැතුව මගේ දෑස් වලින් කදුලු ගලන්න අරන් තිබුනා.
"දැන් මට හැමදේම තේරෙනවා.
ඒක කරන්න බැරි දෙයක්!! අපිට ඒක කරන්න බෑ!!!!"
"ඇයි අපිට පැනලා යන්න බැරි...???"
ඇය මගෙ දෑස් දිහා බලාගෙන ඇහුවා.
"අපිට ඒක කරන්න බෑ...
ගෙවල් වලින් අපිව හොයයි..ටේහියුන්..
එයා කලබල වෙයි..."
"අනේ... ලීස්....මට බෑ එයාව මැරි කරන්න...
ප්ලීස්ස්ස්ස්....මාව ඔයා එක්ක අරන් යන්න...
ලීස්..."
ඇය කදුලු පිරි දෙනෙතින් බලද්දී මං අසරණ වුනත් වෙන කරන්න දෙයක් නැති බව දන්නා නිසාවෙන් මං නිහඬ වුනා.
මට අසරණ බවක් දැනුනා. මගේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න නොහැකි වීම ගැන.
ලෝකය අසම්මතයක් යැයි පවසන විට අපට තව දුරටත් එකට සිටීමට ඉඩක් නොමැති නිසා.අපේ වැළඳගැනීමෙන් වෙන් වූ විගස, ඇය මගේ කම්මුල් සිපගෙන මා දෙස බලා සිනාසුණේ සියල්ල හොඳින් සිදුවනු ඇතැයි පවසන්නාක් මෙනි.
නමුත් එය එසේ නොවන බව මට දැනුනා.
ඒ එක්කම අපේ තොල් හෙමිහිට එකිනෙක යාවුනා.
එය හැඟීම් පිරුණු හාදුවක් වුනා.
හුස්ම හෙළමින් මොහොතකින් අපගේ තොල් එකිනෙකාගෙන් වෙන් වුනා.
"Lis, I love you..."
ඇය මගේ කදුලු වලින් තෙත්වූ කම්මුල් අල්ලා ගත්තේ හුස්මක් ඉහළට ගන්නා අතර ඒ වචන කියමිනි.
මම සිනාසුණත් මගෙ හිතට සතුටක් දැනුනේ නැහැ.
"I l-love you more...."
මම පිළිතුරු දෙන විට මගේ කටහඬ දුර්වලවී තිබුනා.
අපේ වැළඳ ගැනීම අවසානයේ මට ඇයට දැන් යන්න දෙන්න වෙන බව දැනුනා.
.
.
.
.
.
..
.
.................................................
.
.
.
.
.
.
.
.අවුරුදු 3ක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් මං ඇයව බලාපොරොත්තුවෙන් හැම ඉරිදාවකම මේ පල්ලියට ඇවිත් බලාගෙන හිටියා වුනත්, ඇයව දැක ගැනීමට නොහැකි වුනා.
නමුත් එක් දිනක් ඇය ඇගේ සැමියාත් සමඟම මට එම පල්ලියේ දිම දැක ගැනීමට ලැබුණත්, ඇයගේ දෑස් අදුරු වී ගියේ ඇගේ අවධානය මා අසල සිටි මනමාලයා වෙත යොමු වූ විටයි.
ඇත්තෙන්ම මට වැදගත්ම දේ කියන්න අමතක වුණා. මගෙ පවුලේ අයත් මට විවාහයක් තීන්දු කරලා තිබුනා.
මගෙ කැමැත්ත අකමැත්තෙන් දෙමාපියන්ට පලක් නැති වෙද්දී ඔවුන්ගේ සිත් රිදවීමට තිබෙන අකමැතිකම නිසා මට නිහඬ වීමට සිදු වුනා.
"ඉතින් ලීසා...අපේ පවුල් වල අයට දැන් සතුටු ඇති..නේහ්!!!"
"හ්ම්ම්ම්...මිස්ට ඇන්ඩ්' මිසිස් කිම්....එයාලටත් අපේ මමා ඉන්වයිට කරලා.."
ජන්කුක් ව්යාජ සිනහවකින් මුහුණ සරසාගෙන මගෙ දිහා බැලුවා.
අපේ දෑත්..ඒවා එකට පැටලිලා තිබුනා.කවදාවත් වෙන් කරන්න බැරි බැම්මකින්.
මම නැවතත් ඇය දෙස බලා සිනාසුනත්,
ඇයගේ දෑස් 'ඔහු' දිහාවට හැරී තිබුනා.
ඇත්තෙන්ම මට සතුටක් දැනුනා,"ඔයා සතුටින් ඉන්න එක ගැන මට සතුටුයි"
YOU ARE READING
අහිමි ✅
Short Story"ඇත්තටම මේක අපේ කතාවේ අන්තිම පිටුව නම් මට ඔයත් එක්ක අන්තිම පාරට ඩාන්ස් කරන්න පුලුවන්ද?" මම ඇගේ අතට අත දී හිස වැනුවා. "...ඔයා කිව්ව හරි.., ලබන ආත්මෙදි..අපි මුණගැහෙනවා.. "සෝ ඩොන්ට් ක්රයි බේබී... මොකද මම ඔයාව කොහොම හරි ඒ ආත්මෙදි හොයාගන්නවා." Started;...