Jennie's POV
"අද රාත්‍රියේ දිවයින පුරා මද වැසි තත්ත්වයක් බලාපොරොත්තු වන බැවින්...."
මම ආපහු ගෙදරට ඩ්‍රයිව් කරන ගමන් ඉද්දි රේඩියෝ එකේ නියුස් ඇහුණා.
මගේ බිස්නස් ටුවර් එක මම හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා ගෙදර ආවේ විනෝද වෙන්න තරම් හිතක් නැති නිසා.
පාන්දර 2ත් පහු වෙලා මහන්සි නිසා එහෙම්මම නිදාගන්න ඕනෙ කියලා හිතාගෙන බෑග් ටිකත් අරන් ඇතුලට ගියා." ලීසා....මට ඔයා නැතුව පාලුයි."
මම දොර අරින ගමන් කල්පනා කලා.
බෑග් හැම එකක්ම බිමින් තියලා ඉක්මනටම අපේ කාමරයට යන්න හිතාගෙන ඇවිදගෙන ගියේ," 'එයා' දැන් නිදි ඇති එයාව ඇහැරවන් නැතුවම හිමිහිට වොශ් එකක් දාගෙන නිදාගන්න ඕනෙ"
මම සාලෙ ලයිට්ස් ඔන් කරද්දීම එක පාරටම දැකපු දෙයක් නිසාවෙන් මං කලබල වුනා.
අවුල් වූ හිසකෙස් සහ විශාල කමිසයක් ඇදගෙන ලීසා කුස්සිය දිහාවට දුවන ගමන් හිටියා ඇයගේ පසුපසින් කඩවසම් තරුණයෙක් දුවගෙන එනවා.
"ලීසා...බේබි ඔහොම ටිකක් නවතින්නකෝ...
අහ්-බලාගෙන වැටෙයි...
ඔ-ඔය කකුල් පිහද ගෙන ඉන්නකො..ලමයෝ ඔය..."
තරුණයා කියන්නට වුනා. ලීසා ඔහුව නෑසුන සේ සිනාසෙමින් දුවනවා.
"නැ....ඇත්තටම මේක-
ඒත් කොහොමද?? "
මගෙ සිතට වේදනාවක් එක්කම සතුටක් දැනුනා.
මට දෙන්න බැරිවුණ සතුට මේක නෙවෙයිද??
"ජෙනී?!?"
ඇය පුදුමයට පත් හඬින් ඇසුවා.
මට උත්තර නැති වුණා, මගෙ දෑස් අගින් කඳුළු බිංදු වැටෙන්න ගත්තා.
මම පිටතට දිව ගියේ, දරාගත නොහැකි තැන.
මට ආපහු එතනට යන්න ඕන වුණේ නැහැ."මං වැරදි ගෙදරට ගිහින් තියෙන්නේ ..."
අපි දෙන්නා වෙනත් දෙන්නෙක් එක්ක විවාහ වුනත් හැමදාම හවසට වෙනදාට මුණගැහුන උද්‍යානයේදී නොවරදවාම මුණගැහුනා. වෙනදා වගේම අපි කදුලු එනකල් හිනාවුනා. එයා එක්ක ගොඩක් හීන මැව්වා.
තවදුරටත් අනාගතේ ගැන සැලසුම් නොතිබුනත්, මං ඒ හීන ඇතුලේ ගොඩක් සතුටින් ජීවත් වුනා.
YOU ARE READING
අහිමි ✅
Short Story"ඇත්තටම මේක අපේ කතාවේ අන්තිම පිටුව නම් මට ඔයත් එක්ක අන්තිම පාරට ඩාන්ස් කරන්න පුලුවන්ද?" මම ඇගේ අතට අත දී හිස වැනුවා. "...ඔයා කිව්ව හරි.., ලබන ආත්මෙදි..අපි මුණගැහෙනවා.. "සෝ ඩොන්ට් ක්රයි බේබී... මොකද මම ඔයාව කොහොම හරි ඒ ආත්මෙදි හොයාගන්නවා." Started;...