"අයියේ...." සෙහස් මට කතා කරනවා. "මං මේ කියන්නෙ ඔයා දුවනකොට ටිකක් වේගෙන් දුවන්න කියලා... ඔයාගෙ පාර්ට් එක ඉවර වුණාම"
සෙහස් මේ කතාකරන්නේ අපේ "වසන්තයේ දවසක්" සිංදුවෙ choreography එකේ කෑල්ලක් ගැන. අපි දැන් පැය කාලක් විතර තිස්සෙ මේ ගැන කතාකරනවා. අන්තිම හරියෙ අපි දෙන්නා විතරක් කරන කොටසෙ අවුලක් තියනවා කියලා තිනෙත් අපි දෙන්නට කිව්වා. ඇත්තට ම කිව්වොත් එතන අවුල තිබුනෙ මගේ. ඒත් මේ ඔක්කොම ඉස්සරහා එයා මේක මට කියද්දි මම ඒක පිලිගන්න අකමැති වුණා. ඒ වගේ ම මම බලාගෙන හිටියෙ එයත් එක්ක රංඩුවක් අල්ලන්නෙ කොයි වෙලාවෙද කියලා, හිතේ තිබ්බ ප්රශ්නයක් නිසා. ඉතිං මං ඒක අවස්තාවක් කර ගත්තා එයාට රිද්දන්න.
"සැරයක් කිව්වා...මං ඊට වඩා වේගෙන් දිව්වොත් එතන තාලෙ අවුල් යනවා." මං කිව්වෙ ටිකක් සැරෙන් වගේ.
"එහෙම නෙමෙයි අයියෙ මං කියන්නෙ..."
"කිව්වනෙ මං, මට මේක තමයි යන්න පුලුවන් උපරිම වේගෙ කියලා. මට මීට වඩා දෙයක් කරන්න බෑ." මං ඒක කිව්ව ගමන් සෙහස්ගෙ ඇස් වල කඳුළු පිරෙන්න ගත්තා. එයාට රිද්දන බලාගෙන හිටියත් ඒ ඇස් දෙක දකිද්දි මගෙ පපුව පිච්චිලා යනවා දැනෙන්න ගත්තා.
"මොනාද බං උඹලට වෙලා තියෙන්නෙ. අරෙහෙ අපෙ fans ලා දවස් ගණන් බලන් ඉන්නවා කොන්සර්ට් එක පටන් ගන්නකං. එහෙම එකේ අපි මෙහෙම හැසිරෙන එක හරිද? විසදගන්න තියන දෙයක් මේක ඉවරවෙලා විසදගමු, හරිද බං?" තිනෙත් කියවන්න පටන් ගත්තා.
එතකොට එතනට ශෙවීනුයි, ශාවිතයයි ආවා.
"හරි හරි.. මට සමාවෙන්න. මං ඔයා කිව්ව දේ විහිලුවට ගත්තා. මට එහෙම නොකර ඉන්නයි තිබ්බෙ. මං එතන හදාගන්න බලන්නම්" මං සෙහස් ළගට ගිහින් එහෙම කිව්වා. එයා මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ. අඩු ගානෙ මගෙ මූණවත් බැලුවෙ නෑ.. මට එතන මුකුත් කරගන්න බැරි වුනා හතර වටේ තියන කැමරා ටිකයි, කට ඇරන් බලාගෙන ඉන්න staff එකේ සෙට් එකයි නිසා. ශෙවීනුයි, ශාවිතයි සෙහස් ළගට ඇවිල්ලා මොනාහරි කියවන්න ගත්තා. ඒ දෙන්නා සැරින් සැරේ මං දිහා බලනවා වගෙත් මං දැක්කා. මට දැන් දැනගන්න ඕනෙ ශෙවින් මොනාද සෙහස් ට කිව්වෙ කියලා..
BẠN ĐANG ĐỌC
ආදරණීය සෙහස් ||SS01||වසන්තයේ දවසක්
Fanfiction"වෙලාවකට මට හිතෙනවා මේ හැමදේම දාලා කොල්ලවත් අරගෙන ඈතකට යන්න බං... මට දැන් මේ දේවල් ඇතිවෙලා තියෙන්නෙ.." "මට උඹව තේරුම්ගන්න පුලුවන් බං. ඒත් උඹවත්, සෙහස් වත් සාමාන්ය කොල්ලො නෙමෙයි. උඹලා ලෝකප්රසිද්ද ගායකයො දෙන්නෙක්. කොහොමද මිනිස්සුන්ගෙන් හැංගිලා ඉන්න...