"ඔබේ සිනා ළඟ නෙත නැවතුනුදා
ඔබේ කතා ළඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමී..."මම චතුන්‍ය රවිහාන්..හැමදාම උදේට පිරිත් දාන්න පුරුදු වෙලා ඉන්න අම්මා අදත් පිරිත් දාලා ඉවර වුන ගමන් පුරුදු විදියටම සින්දු යන්න පටන් ගත්තා.මේ සින්දුව අපේ කාලෙ සින්දුවක් නොවුනත් මං මේකට පුදුම විදිහට ආදරේ කරනවා...
ඒ අතරෙම මට මතක් වුනේ අපේ ඉස්කෝලෙ ලස්සනට ඇහැට කනට පේන්න ඉන්න දෙව්නිත් අයියව...
'ඇයි දන්නෙ නෑ මේ සින්දුව අහද්දි මට එයාවම මතක් වෙන්නෙ...
එයා මං දිහා අනිත් අය දිහා බලන විදියට වඩා වෙනස් අමුතු විදියකට බලන නිසාද දන්නෙ නෑ...'"චූටි!!! තාම නිදිද ළමයෝ..ඉස්කෝලෙ යන්නැද්ද..?"
'මං නැගිටලා ඉන්නෙ අනේ... ලෑස්ති වෙන ගමන්...'
එහෙම කියලා මං ඉක්මනට ඉක්මනට ලෑස්ති වෙලා සාලෙට දිව්වෙ අම්මා ආයෙ කෑගහන්න කලින්...
"ආහ් ඉලන්දාරියා...ලෑස්ති වෙලා ඉවරනම් කාලා යන්න එන්න..."
"කෝ පුතා එන්න බත් ටිකක් කවන්න..උදේට කන්නැතුව දුවන්න හදන්න එපා ළමයෝ..."
අම්මගෙනුයි තාත්තගෙනුයි බේරෙන්න
බැරි නිසා මං අමාරුවෙන් හරි බත් කටවල් තුන හතරක් කාලා අම්මටයි තාත්තටයි වැඳලා තාත්තා එක්කම ඉස්කෝලෙට ආවා."අම්මටසිරි!!! ගුඩ්මෝනින් චතුවා... මොකෝ වෙන්නෙ..."
සුනෙත් දුවගෙන ආපු ගමන් කරට අතදාගෙනම විස්තර අහන්න පටන් ගත්තා.
'මොනා වෙන්නද බන් වෙනදා විදියම තමයි...'
"මේ හෙට වොලිබෝල් මැච් එක බලන්න යනවද..?"
"මොන..."
"ඇයි යකෝ උඹට අමතක වුනාද හෙට යෞවන සමාජෙ වොලිබෝල් මැච් කියලා"
එතකොටයි මට මතක් වුනේ දෙව්නිත් අයියා අපි ළඟටම ඇවිත් පෙරේදා කියලා ගියේ මේ මැච් එක ගැන කියලා.
ඔහොම කතා කර කර ඉස්කෝලෙ වටේ රවුමක් දාන්න යද්දි මූණටම දෙව්නිත් අයියව හම්බුනා..
YOU ARE READING
නුඹේ සිනා ළඟ❤💫completed
Non-Fictionආදරේට ආදරේ කරන්න... විඳවීම වෙනුවට සැනසීම හොයාගන්න...