6 කොටස

367 43 2
                                    

පහුවදා උදේ මං නැගිටලා වෙලාව බලද්දි නමයයි කාලයි..මං ගෙදර හිටියත් මෙච්චර දවල් වෙනකම් නිදාගන්නෙ නෑ.. මං අනිත් පැත්ත හැරිලා බලද්දි මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවා මුණින් හැරිලා කොට්ටෙත් බදාගෙන මගෙ පැත්ත හැරිලා නිදාගෙන..මං ටික වෙලාවක් එයා දිහා බලාගෙන ඉඳලා එයාගෙ කම්මුලට කිස් එකකුත් දීලා වොශෲම් එකට ගියා..මං වොශ් දාගෙන එද්දිත් මේ කම්මැලියා තාම නිදි..මං ගිහින් ඇහැරවන්න හැදුවත් මේකා  නෙමෙයි ඇහැරුනේ..මං ගිහින් පොරවගෙන ඉන්න බෙඩ්ශීට් එකෙන් ඇද්ද.. යටිපතුලට කිචිකැව්වා.. කන ඇද්දා.. මේකා නෙමෙයි ඇහැරුනේ..බැරිම තැන මං කම්මුල හැපුවා..අන්න ඒ පාරනම් කෑ ගහගෙන ඉද්ද ගැහුවා වගේ ඉඳගත්තා..

"ආව් බන්..මොකද වෙලා තියෙන්නෙ.. අද සෙනසුරාදවත් නිදාගන්න දෙන්නකෝ..."


එයා කට උල් කර කර දොන්ත විදියට කියද්දි මට හිනායන්නත් ආවා..මං හිනාව නවත්තගෙන ආයෙම නිදාගන්න හදපු එයාව ඇදගෙන ගිහින් වොශෲම් එකට දාලා දොර වහලා ඇවිත් ඇඳ හදන්න ගත්තා.. කොල්ලො කියලා මේවා නොකර ඉන්න බෑනෙ..අනික තමන් නිදාගත්ත ඇඳ අස් කරන්න වෙන කෙනෙක්ට දෙන එක හරිද.. මං ඇඳ අස් කරලා බැල්කනියට ගිහින් එළිය බලගෙන ඉද්දි කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහුන නිසා මං ගිහින් දොර ඇරකා බැලුවා..ඒ ඇවිත් හිටියෙ දෙව්නිත් අයියගෙ අම්මා..


"දෙන්නා පරක්කු නිසා මං තේ එක කාමරේටම අරන් ආවා.. කෝ අපේ එක්කෙනා තාම නිදිද..?"

'නෑ අම්මා..එයා වොශෲම් එකේ..'


මං කට පුරාම එයාට අම්මා කිව්වා.. එයත් හිනාවෙලා තේ දෙක මට දීලා කෑම කන්න පහළට එන්න කියාගෙන එතනින් ගියා..මං අම්මා දුන්න තේ දෙකත් අරගෙන කාමරේ ඇතුළට එද්දි මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මූණ හෝදගෙන ඇවිත් මං දිහා බලාගෙන ඉන්නවා.. මං ගිහින් එයාට තේ එකක් දීලා මගෙ තේ එකත් අරගෙන බැල්කනියට ගියාම එයත් මගෙ පිටිපස්සෙන් ආවා.. ඇවිත් මගෙ බෙල්ල පිටිපස්සට හාද්දක් තියලා බැල්කනි වැටට හේත්තු වුනා...

"අද අපි කොහෙ හරි යමුද..? ඇවිදින්න.."


'යමුකො ඉතින්..ඒත් කොහෙද..?'

නුඹේ සිනා ළඟ❤💫completedWhere stories live. Discover now