"බබා..බබා..කෝ නැගිටින්න... ඉස්කෝලෙ යන්නැද්ද ළමයෝ.. කෝ ඉතින්.."
ඔන්න අදත් මගෙ රැහැයි ටොපා උදේ පාන්දර මායම් වෙන්න පටන් අරන්.. ඇත්තමයි වෙන එකෙක් වගේනම් මේ වෙද්දි උගෙ බොටුව ගළවලා මං..
'මං නැගිටලා ඉන්නෙ අයියෝ...'
"නැගිටලානම් ඉන්නෙ ගිහින් වොශ් දාගන්න..මේ අම්මා උදේම නැගිටල තේ දෙකත් කාමරේට ගෙනත් දුන්නා ලෑස්ති වෙලා පහළට එන්න කියලා..කෝ ගිහින් මූණ හෝදගෙන එන්න..."
මෙච්චර වෙලා කෑ ගහපු එයා මගෙ ළඟට ඇවිත් කම්මුලට හාද්දක් තියලා මාව නැගිට්ටවලා බාතෲම් එකට යැව්වා..විනාඩි පහළවකට විතර පස්සෙ මං කාමරේට එද්දි එයා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවා.. මං එනවා දැකපු එයා මාත් එක්ක හිනාවෙලා තේ එක අරන් මගෙ අතට දුන්නා.. තේ එක ගත්තු මං තේ බොන ගමන්ම ලෑස්ති වුනා.. ලෑස්ති වෙලා එයාගෙ කම්මුලට හාදුවක් තියලා පහළට ආවා.. පහළට ඇවිත් කෑම කාලා එහෙම අපි දෙන්නා ඉස්කෝලෙට ආවෙ එයාගෙ බයික් එකේ.. ඉස්කෝලෙට ගියත් සතුටක් නෑ.. මොකද මේ එයාලා ඉස්කෝලෙ එන අන්තිම සතිය.. ඊට පස්සෙ මට ඉස්කෝලෙ එන්න හිතෙන එකකුත් නෑ.. මේ දවස්වලත් ඉස්කෝලෙ උගන්නනවා අඩුයි නිවාඩු දෙන්න ළඟ නිසා.. රැස්වීම් ඉවර වුන ගමන් මං පන්තියට ගියෙ සුනෙත්ට මීඩියා යුනිට් එකේ වැඩක් තියෙනවා කියලා එතෙන්ට ගියපු නිසා.. ටික වෙලාවක් පන්තියට වෙලා ඉද්දි කම්මැලි හිතුන නිසා මං දෙව්නිත් අයියව හොයාගෙන ලයිබ්රියට ගියා.. ගිහින් එයා ළඟින් ඉඳගෙන ඩෙස්ක් එකට ඔලුව තියාගෙන එයාගෙ මූණ දිහා බලන් හිටියා...
"මොකද ඔහොම බලන් ඉන්නෙ.. මං ලස්සනයිද ම්ම්...?"
'ලස්සනයි තමයි අනෙ.. මෙච්චර මේ ඉස්කෝලෙම කෙල්ලො පිස්සු වැටිලා ඉන්න කොල්ලා.. දැන් ඉතින් මගෙනෙ..'
"හිමින් හිමින්....කාටහරි ඇහුනොත් ලස්සන බලන්නැති වෙයි..... මොකද මේ පැත්තෙ..?"
'සුනෙතුත් වැඩ වගයකට හිරවෙලා.. පන්තියෙ ඉන්න බෑ තනියම කම්මැලියි.. ඊට පස්සෙ මට මගෙ බෝයිෆ්රෙන්ඩ්ව මතක් වුනා.. ඉතින් මං ආවා...'
ඊට පස්සෙ එදා දවසම මං හිටියෙ දෙව්නිත් අයියා එක්... ඉස්කෝලෙ ඉවර වෙලා මං අපේ ගෙදර ගියෙ දෙව්නිත් අයියා ඉස්කෝලෙ ගේට් එක ළඟට වෙලා දුකෙන් වගේ මූණත් එල්ලගෙන බලන් ඉද්දි.. ඊට පස්සෙ ඒ සති දෙකම විශේෂයක් නැතුව පුරුදු විදියටම ගෙවිලා ගිහින් දෙව්නිත් අයියලාගෙ පාසල් ගමනේ අවසාන දවසත් ආවා.. කාටත් වඩා වැඩිපුරම දුක් වෙන්න ඇත්තෙ මං..මොකද එයා නැතුව ඉස්කෝලෙ එන්න හිතක් නෑ දැන්..
YOU ARE READING
නුඹේ සිනා ළඟ❤💫completed
Non-Fictionආදරේට ආදරේ කරන්න... විඳවීම වෙනුවට සැනසීම හොයාගන්න...