15 වන දිගහැරුම

181 26 26
                                    

_විශේෂ පුවත්_

"එක්සත් රාජධානිය බලා යමින් තිබූ AAL 34 ගුවන් යානය අද උදෑසන 4.30ට පමණ මුහුදු බඩ ප්‍රදේශයකට කඩා වැටී තිබේ... මගීන් 150ක් සහ 28 දෙනෙකුගෙන් සමන්විත කාර්‍ය මණඩලය ඇතුලු සියලුම දෙනා මෙව් අනතුරින් ජීවිතක්ශයට පත් විය... ශ්‍රීලංකාවේ ධනවතයින්ගේ නාමලේඛනයේ 10 වැනි ස්ථානයේ රැදී සිටි හේශාන් මාන්නප්පෙරුම සහ ඔහුගේ බිරිදද මේ ගුවන් යානයේ සිටි බවට් වාර්තා වේ..."

"දෙයියනේ මොකද්ද ඒ හේශාන්ට උනේ.. අනේ පව් දෙයියනේ....."

ජෙනිෆර් කීවේ දෑසෙහි කදුලු පුරවගමිනි...

"ඇයි ජෙනී ඔයා අඩන්නේ..."

දුරකතනයේ ශබ්දයට අවදී වූ අහිංසා ඇසුවේ ඇස් පොඩි කරමිනි..

"බලන්නකෝ හේශාන්ටයි අනීශාටයි වෙලා තියෙන දේ..."

අකේශී දුරකතනය අහිංසාට පෙන්නමින් කීවාය..

"එයාලට ඒ දේ උනේ ඔයාට කරපු දේට.. පේනවා නේද දිට්ටධම්මවේදනීය කර්මය පඩිසන් දීපූ අපූරුව..."

අහිංසා කිව්වේ කිසිවක් ගනන් නොගන්නා ලෙස හැසිරෙමිනි..

අකේශිගේ දුරකතනය අතට ගත් අහිංසා එය මේසය මත තබා අකේශි ලගට ගොස් ඈව තුරුල් කර ගත්තාය..

"අපි දැන් වොශ් එකක් දාගෙන කන්න යමු.. ඔය විකාර බලලා ඔලුව විකාර කරගන්න ඕනී නෑනේ...."

මුහුණ සෝදා ඇදුමක් ඇදගත් අහිංසා ජෙනිෆර්ගේ අතින් ඇදගෙන කෑම මේසයට ගියාය...

"ගුඩ් මෝනින් අම්මා... ගුඩ් මෝනින් නිශූ අම්මා..."

කියාරා කිව්වේ පාන් පෙත්තක් කන ගමන්ය...

"ගුඩ් මෝනින් කියාරා..."

උදෑසන ආහාරය ගත් පසු අහිංසා ජෙනිෆර්ව ඇගේ නිවසට ඇරලුවාය...

"එන්න අහිංසා අපි ඇතුලට යමු... මන් අම්මලාට ඔයාව අදුන්වලා දෙන්නම්..."

"ආ.. ඒත් කොහොමද.
ඔයාගේ බොස් කියලද නැත්තම්.........."

අහිංසා කට කොනින් සිනහ වෙමින් විමසුවාය...

එයට සිනහවකින් පිලිතුරු දුන් ජෙනිෆර් අහිංසාවත් ඇදගෙන ගෙට ගොඩවිය...

Love Blossom 2 නුබේ නමින්Where stories live. Discover now