02.

202 35 16
                                    

කැප්ටන් කොච්චර රළු කෙනෙක් උනත් කැප්ටන්ගේ අම්මා නම් හරිම හිතවත් පාටයි . මගේ සටහන් වලට කඩදාසි කිහිපයක් මදි උනා . අන්කල් පීටර් වත් පේන්න නොහිටපු නිසා එළිමහනේ වූල් නූල් බෝලයක් සමග ගෙත්තමක් කරමින් හිටිය කැප්ටන්ගේ අම්මා ළගට කට්ටු උනේ බයෙන් .

"මැඩම්. සමාවෙන්න කරදරයක් නම් "

"මේ පුතානේ මොකක්ද ප්‍රශ්නේ ?"

"මැඩම්..මට කඩදාසි ටිකක් ගන්න පුලුවන්ද මගේ සටහන් පොත ඉවර වෙලා ආයෙත් ටවුන් එකට යනකන්.."

"ඕක මොකක්ද දරුවෝ..පීටර්ගේ අතේ පුතාගේ කාමරේට මම සටහන් පොත් එවන්නම් ."

"ගොඩක් ස්තුතියි මැඩම්..ලොකු උදව්වක් මේ වෙලාවේ ."

"ඒක නම් කමක් නැහැ හැබැයි මම මැඩම් කෙනෙක් නෙමෙයි . පුතාට කැමති නම් මට මිසිස් මැටිල්ඩා කියන්න නැත්නම් අපේ ටේ වගේ කටපුරා ග්‍රැනී කියන්නත් පුලුවන් ."

කැප්ටන්ගේ අම්මා සුහද සිනහවකින් සංග්‍රහ කරන ගමන් එහෙම කිව්වත් මම මේ කල්පනා කළේ මැඩම්ට ග්‍රැනී කියලා කතා කරන්නේ කවුද කියලා .

කොහොමහරි මට ඕන වෙලා තිබුන දේ කැප්ටන්ගේ අම්මා වෙලාවට පීටර් අන්කල්ගේ අතේ එවලා තිබුන නිසා නවත්තපු තැනින් මම මගේ පරීක්ෂණය ඉක්මන්ට පටන්ගන්න මට පුලුවන් උනා .

එක දිගට වැඩ කරලා මට මහන්සියි . ළගටම ගෙනත් දුන්න උණුසුම් කෝපි කෝප්පයෙත් අන්තිම ටික විතරයි ඉතිරි . මේ වගෙ පළාතක ඉන්නවා නම් ඉතින් කෝපි ඕනම දෙයක් තමයි . හවස හතර පහ වෙද්දී මුලු ගතම හිරිකඩු පිපෙන සීතලකින් මේ පැත්තම වැහෙනවා . කිම් බංගලාව කොහොමත් කදු මුදුනක පිහිටලා තියන නිසා සමහරවිට සීතල වැඩියෙනුත් දැනෙනවා .

සෝෆාව උඩ අතුරලා තිබුන මගේ පරණ  ලොම් කබායත් ඇදගෙන මම බංගලා වත්තට ආවා . ආපු පළවෙනිම දවසෙ දැක්කට හරියට බලන්න බැරි උන නිසා මම හිමින් සැරේ ප්‍රංශ රතුරෝස මල් තිබුන පැත්තට පියවර මනිමින් අඩිය තියමින් ගියා .

ඇත්තටම මම දැකපු ඒ දර්ශනේ ... බලන් ඉන්න ආස හිතෙන දර්ශනයක් . රතු පාට මල් ගොඩක් මැද තනි සුදු රෝස මලක් . මලින් මලට හීනි ඇගිලි තුඩු වලින් අරගෙන අතක තියෙන කූඩෙට දාන්නේ කිසිම කලබලයක් නැතුව .

Our Destiny | TK | Where stories live. Discover now