පිරිත් පැන් 02🦋

43 4 4
                                    

අවුරුදු හතරකට  පසු..

"ශාකී  එතකොට උබ කියන්නේ  ඒ දේවල්  තාමත්  දකිනවා  කියලද.."

"ම්.."

"ම් ..නෙවෙයි  හරියට උත්තරයක්  දීපන්   උබ මේම  අවුරුදු  කීයක්  කියලනම්  විදවනවද  බම් ඇ....."

"මං  දන්නැ  ජෙරම්  මන්දන්නැ....මේක  මහා  පාලු හිස්  පිටුවක්  වගේ..කොච්චර උත්සහ කරන්න  හිස්  පිටුවට පාටක්  දෙන්න  මට  ඒ වැඩේ  කරගන්න බැ....වෙලාවකට  හිතෙනවා  ඇයි  මාවම  මේ  වේදනාවට  තෝරගත්තේ කියලා...."

"අහපන්  ශාකී...හැමදේම  වෙන්නේ  හොදට මං  උබව  දන්නේ හිච්චි කාලේ  ඉදන් ...ඒත් උබ  මේ  අවුරුදු  හතරට වැඩියෙනුත් එක්ක  විදෙව්වා ...හරියට  නින්දක් නැ ..පිස්සෙක්වගේ  නිල්පාට ඇස්  හොයනවා ..මේවගේ  කෙලවරක් නැද්ද ශාකි ඇත්තටම....."

"හ්ම්ම්ම්....දන්නවද  බම්  මාත්  හරියට  කාන්තාරෙක  ඉන්න  පතොක්  ගහක්  වගේ....කවියෝ  කොච්චර  පතොක් ගහේ දරාගැනිම ගැන  අතිශයෝක්තිය කිව්වට  එකපාරක් හරි  ඇහුවේ නැ    'ඇත්ත කියපං  පතොක්  උබටත් හරි මහන්සි  නේද  දරාගෙනම  ඉදලා'  කියලා...මටත්  ඒ වගේ තමා  වසන්තයක්  ඕනි ඒත්  කොයි...කොයි  මං හොයන  වසන්තය..."

"ශාකි ඇති බම්......"

"නැ  පුලුවන් නම් අද උබ මාව  අහගෙන  ඉදපං.....මං  හරි  ආසයි බම්  ෆැන්ටසි වල හිරවෙන්න  ඒකත්  පහුගිය  අවුරුදු  හතරේ  ඉදන්...මොකද  ෆැන්ටසිය  හරි  ලස්සනට  හිතට  ඕනි  දේ  මවලා  දුන්නා...ඇත්ත අල්ලන්න බැ ඒවා .හැගිමක් නැ මායාකාරයි..ඒත්  මට  ඒකත්  හරි  සැනසිමක් . වැහි නැති  ඉඩෝරෙකට  එක  වැහි  බිංදුවක් වගේ වැටෙන පමාවට වියැකිලා යනවා ඒත් සතුටුයි.....මම පහුගිය අවුරුදු හතර කෝම  හිටියද කියන්න මංවත් දන්නැ  ජෙරම්..එක එක දේවල් අදටත් මැවි මැවි පේනවා ඒ මොනවද කියන්නවත් දන්නැ.  එදා උන  සිද්දියෙන්  පස්සේ  නිල්  පාට ඇස් දකින හැම එකාගෙම  පස්සේ ගියේ  පිස්සෙක්  වගේ  .වෙන මොකටවත් නෙවෙයි බම්  වසන්තය  ටිකකට  හරි  ඉල්ලගෙන....ඒත්  හරිගියේ නැ....සමනල්ලු  ආකර්ශනය  වෙනවා  කියන  නිල් පාට  ඇස් වලට  ම.ම..මං වහ වැටුනා...ඒවා  හරියට  මුහුදක  වතුර වගේ තනි  නිල් පාටට තිබ්බේ....ඇයි  මාව ඒ මායාකාර  නිල් ඇස්  අස්සේ හිරි  කරේ...යදම්  බිදින්න  ඒ ඇස්  වලට උදව් කරන්න ඕනි  නැද්ද  බම්......" පපුව පුරවලා  ගත්ත  හුස්ම  පොද  අවසාන  වෙද්ද  කැඩි කැඩි  වැටෙන්නේ  මටම එපා කරවලා..කාලයක් තිස්සේ නිදන යමහලක් එකපාරම විදාරනය වෙද්දි  තියන බලපැම අතිශ්‍ය  විනාශකාරි..

''-පිරිත් පැන්-"🌻🦋🖇️ :)>>>>Where stories live. Discover now