Epilogue

103 19 12
                                    

Author's POV

එදා ඒ පොලිස් නිලධාරියා ජිමින්ව hospital admit කලාත් එයාට බරපතල ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. නම්ජින් දෙන්නා ජිමින්වයි ටේවයි බලන්න ආවා. යුන්ජිවත් hospital admit කලත් ඔලුව පිටිපස්සෙ වැදුන තද පහර නිසා එයා ඒ වෙනකොටත් ජීවිතයෙන් සමු අරගෙන තිබ්බා. යුන්ජිගෙ ගෙදර තිබුණ යුන්ගිගෙයි හොබීගෙයි මින්හාගෙයි මෘත දේහ පොලිසියට හොයා ගන්න පුළුවන් වුනා.

යුන්ගිගෙ මරණය නිසා නම්ජින් දෙන්නා ටේ ජිමින් දෙන්නා ගාවින්ම හිටියා. යුන්ගිගෙ අවසන් කටයුතු කරලා ඒ ගමේම භූමිදානය කලා. ජිමින් අඩද්දි එයාව සනසන්න ජින් ගොඩක් උත්සාහ කලා වගේම එයාලා ලගින්ම හිටියා.

ඒ වගේම එයාලගෙ යාළුවා හොබී ගැනත් එයාලා ගොඩක් දුක් වුනා. එයාගෙ අවසන් කටයුතු හොබීගෙ නූනා සිද්ධ කරද්දි අනිත් අයත් එයාලට උපරිමයෙන් උදව් කලා.

මේ සිද්ධියෙන් සති කීපයකට පස්සෙ අතීතයේ සිද්ධ වුන දේවල් දැන ගන්න එදා සිද්ධිය අකුරක් නෑර සටහන් වුන පොලිස් රිපෝට් එක කියවන ගමන් හිටපු ටේගෙ වයර්ලස් ෆෝන් එකට කෝල් එකක් ආවා.

ඒ කතා කලේ ජිමින්. ෆෝන් එක දැක්ක ගමන් ජිමින්ට මකත් වුන ලොකුම ප්‍රශ්නෙ වුනේ එදා එයාට පපා කියලා කතා කරපු කෙනා ගැන. ඒ වගේම එයා ටේ කියලා කිව්ව එක එයාගෙ ප්‍රශ්නය තවත් වැඩි කලා.

ටේ හැමදේම ජිමින්ට කිව්වා වගේම ඒ දේවල් විශ්වාස කරන්න බැරි දේවල් වුනත් ඒ වෙලාවෙ එයාගෙ ඉල්ලීමට අනුව ජිමින් වයර්ලස් ෆෝන් එක කඩලා දැම්මෙ වර්තමානයේ ඉදන් ටේ තමන්ගෙ අතේ තියෙන ෆෝන් එක නැති වෙලා යන විදිහ සතුටින් බලාගෙන ඉද්දි.
ලොකු හුස්මක් පහල දාපු ටේගෙ හිතට කාලයකට පස්සෙ නිදහස් බවක් වගේම සතුටක් දැනුනා.

.

.

.

.

.

.

After a month

ටේ හිටියෙ කණ්ණාඩියෙන් පේන තමන්ගෙ මූන දිහා බලාගෙන මීට මාසෙකට විතර කලින් වුන දේවල් මතක් කර කර.

" හරි.. ඉවරයි.." ටේව මේකප් කරන ගමන් හිටපු කෙනා කිව්වෙ එයාගෙ බඩු ටික බෑග් එකට දා ගන්න ගමන්. බෑග් එක ගත්ත එයා රූම් එකෙන් එලියට යනකොට ඇතුලට ආව ජිමින් කණ්ණාඩියෙන් පේන ටේ දිහාවට ලස්සන හිනාවක් දුන්නා.

The Call | TaekookTempat cerita menjadi hidup. Temukan sekarang