පළමු කොටස

1K 77 52
                                    



එය එක්තරා සඳ නිදිගත් රැයකි. රත්වැව ගම්මානයේ සියල්ලෝම පාහේ ඒ වන විට රත්වැව ගම්මානයටම වූ එකම උළු සෙවිලි කරන ලද නිවසේ මිදුලට රැස් වී සිටියහ.. ගැඹුරින් ඇසෙන යක් බෙර හඬට මුසු වූ මන්ත්‍ර ජප කරන හඬ අවට පරිසරයේ නිහඬ බව බිඳිමින් වාතලයට මුසු වන්නට විය.. සුදු පැහැයෙන් සැරසුණු ලෙඩ වූ සුදුමැලි වූ මුහුණක් ඇති එක්තරා මිනිසෙකු සේම ඔහුගේ පවුලේ උදවිය යැයි පැවසිය හැකි කිහිප දෙනෙක්ද මිදුලේ මැද කොනක එලූ පැදුරක් මත වාඩිවී තුෂ්නිම්භූතව බලන් සිටියහ.. රත්වැව ගම්වැසියන්ට සුජාත හාමුදුරුවන්ගේ මෙවන් වැඩ කිසිසේත්ම අරුමයක් ගෙන නොදුන්නකි.. දෑස් අඩවන් කරගෙන මන්ත්‍ර ජප කරන එහිමියන් දෙස සියල්ලෝම ගෞරව බහුමානයෙන් යුතුව බලා සිටින්නට වූයේ හිතේ බුර බුරා නැගෙන නොඉවසිල්ලෙනි.. ඒ අතර ගමේ පාසලට සිය ප්‍රථම පත්වීම ගෙන පැමිණි අරලිය ඉස්කෝලේ මහත්තයාද විය.. ගම්වැසියන්ට අරුමයක් නොවූ මෙය ඔහුට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදහාගන්නට නොහැකි දෙයක් විය..

ඔහු සුජාත හාමුදුරුවන් දුටු පළමු දිනය සිහියට නගන්නට විය.. ලංකාවේ සැඟවුණු ගමක දරුවන්ට තම සේවය ලබාදීමට හැකිවීම පිළිබඳව ඉමහත් ප්‍රීතියෙන් යුතුව කිසිදා නම නොඇසූ රත්වැව ගම්මානයට ආ අරලිය පළමුවෙන්ම පොල් අතු හෙවිලි කළ පාසලට ගොස් සිය පත්වීම් ලිපිය පාසලේ මුල් ගුරු තනතුර හෙබවූ සුජාත හාමුදුරුවන්ට භාර කළේය.. උන් වහන්සේ මද සිනහවකින් එය පිළිගෙන ඔහු සමඟ සුහඳ කතාබහක යෙදුණහ.. එම කතා බහේ පවා පැවතියේ වචනයට නැංවිය නොහැකි පුදුමාකාර සංවර බවකි සිල්වත් බවකි.. නගරයක හැදී වැඩුනු අරලිය එවන් හික්මීමක් ඇති හාමුදුරුවන් වහන්සේලා එක අතක ඇඟිලි ගණනටවත් දැක නොතිබුණි.. එහෙයින් සුජාත හිමියන්ගේ මුණගැසීම ඔහුට වෙනස්ම අත්දැකීමක් විය.

එහිමියන්ගේ රූපශ්‍රීය නොදැමුණු හිතක් ගිනියම් කිරීමට හොඳින්ම ප්‍රමාණවත් විය. පුන්සඳ පෑයූ දිනක ගස් මුදුන් දිදුළවමින් පොළොවට හැලෙන සෞම්‍ය චන්ද්‍රාලෝකයෙහි වූ රත්රන් පැහැයට හුරු සමක් ද.. තද නිල් පැහැයත් කළු පැහැයත් අතරමැද්දෙහි වූ වර්ණයකින් දිදුළන දෑස්ද ඒ මත වූ වඩාත් තියුණු නොවූද වඩාත් ඝණ නොවූද කාල වර්ණ දෙබැමද ළා කුරුඳු දල්ලක ඇති රතු රෝස පැහැයට හුරු ලවන්පත්ද.. සිහින් දිගැටි රත්‍රන් පැහැයත් රෝස පැහැයත් කැටි කොට ගත් කළ ඇති පැහැයකින් යුත් දෑඟිලිද.. වඩා වැඩිත් නැති අඩුත් නැති ශරීර ප්‍රමාණයෙන්ද යුක්ත වූ නිතරම තද රතුපාටට හුරු දුඹුරු පාටක් ගෙනෙන පඬු පෙවූ සිවුරු හඳින සුජාත හිමියන් දුටු ක්ෂණයේම තම සිත කුණාටුවකට හසුවූ රුවල් කැඩුණු නැවක් මෙන් බොහෝ නොසන්සුන් වූ බව අරලියට වටහාගැනීමට එතරම් අපහසු නොවීය.. නමුත් එය තමාගේ වෘත්තියට පමණක් නොව සිංහල හෙළ බොදු සංස්කෘතියටත් අනුචිත බැව් තරයේම තම සිතට පහදා දුන් ඔහු තම සිත සන්සුන් කරගැනීමෙහිලා ඉතාමත් අසාර්ථක උත්සාහයක් සුජාත හිමිගේ රූ දකින සෑම අවස්ථවකම ගන්නට විය.

සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now