අරලිය පන්සලට ගොඩ වදින විට ඔහු අපේක්ෂාවෙන් සිටියා මෙන් සුජාත හාමුදුරුවෝ පහළ මලුවේ දෑත් පිටුපසට බැඳගෙන කල්පනාවක නිමග්නව වූහ.. ඒ රුව දුටු වනම නැවතත් අරලියගේ සිත නොසන්සුන් වෙන්න පටන් ගත් නමුදු ඔහු එය කෙසෙ හෝ පාලනය කොරගෙන හාමුදුරුවන් සමඟ සිදුකිරීමට ආ කතා බහ කෙසේ හෝ සිදුකරන බව සිතාගත්තේය..
"ඉස්කෝලේ අයියණ්ඩි ආරෝවකට ගිහින් වගේ.."
පළමුවෙන්ම සුජාත හාමුදුරුවන් වහන්සේට වැඳ නමස්කාර කොට අරලිය එකත් පස වූයේය..
"අපේ හාමුදුරුවෝ කොහොම දැනගත්තද.."
"මේ රත්වැව හතර මායිමේ සිද්ද වෙන හැමදේම මට දැනෙනවා ඉස්කෝලේ අයියණ්ඩි.."
කෙතරම් සිත ශක්තිම්මත් කරගත්තද සුජාත හාමුදුරුවන් ඉදිරියෙ තමාගේ සිතෙ පවතිනා දේ කීමට තරම් ශක්තියක් අරලිය හට නොවීය..
"බෝ මළුවට ගියා නං..."
එසේ කියූ සුජාත හාමුදුරුවෝ සන්සුන් ගමනින් සිනිඳු වැලි මතින් ඇවිදගොස් බෝ මළුව වෙතට ගියහ. සිහින් මදනළ හමාගෙන විත් සිරුරු සිප ගනිද්දි තව දුරටත් තමා පැවසීමට ආ දෙය පැවසිය යුතුද නැද්ද යන වග අරලියට සිතාගැනීමටවත් නොහැකි විය. ඔහු ඒතරම්ම සංකීර්ණ හැඟීම් සමුදායකට හසුව අසරණව ගොසින් තිබුණි.. තමා තුලම ඇති වී ඇති යුදයකින් ඔහු අසීමිත ලෙස බැටකමින් සිටියේය..
"ඉස්කෝලේ අයියණ්ඩිගේ හිතේ යමක් තියෙනවා වගේ.."
සුජාත හාමුදුරුවන් වහන්සේ එසේ කතාවට පෙරමුණ ගත්තේ තාලෙට ලෙලෙන බෝපත් දෙස දෑස් අයාගෙන සිටිමිනි..
"දේහ ශාස්ත්ර ලක්ෂණවලට අනුවනම් ප්රේමාශ්රිත රෝගයක් හැඬයි.."
"හාමුදුරුවනේ...?"
"පිරිමියෙක් තව පිරිමියෙක් ගැන අදහසක් තියාගන්න එකේ වැරැද්දක් මන් දකින්නේ නෑ.. හැබැයි අරලිය මහත්තයෝ බුදුමග යන බුද්ධ පුත්රයෙක් ගැන ඔහොම අදහස් තියාගන්න එකෙත් ඒ හැටි නිවැරදිබවක් පේන්ට නම් නැහැ.."
අරලිය තවදුරටත් කිසිවක් පැවසීමට නොගියේය.. නිසැක වශයෙන්ම මෙපමණ කාලයක් තමාගේ සිතේ පැවති හැඟීම් සමුදාය පිළිබඳව සේම තමන් ඒවා පාලනය කරගැනීමට ගත් වෙහෙස පිළිබඳව ද සුජාත හාමුදුරුවන් වහන්සේ දැනගෙන සිටියා විය යුතු බව අරලිය තේරුම් ගත්තේය.
YOU ARE READING
සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹
Non-Fictionහිස් හිත්වල හිස්තැන් පුරවාගත් දාට ඔබ අකාලික සතුටක හිමිකරුවෙක් වනු ඇත..!! . . . . . . . . . යකුන් බැඳගෙන වැඩ ගන්නා රත්වැව සුජාත හාමුදුරුවන් වහන්සේ සහ ගමේ පාසලට තම ප්රථම පත්වීම ගෙන පැමීණෙන අරලිය නම් තරුණ ගුරුවරයා වටා ගෙතුණු කතාංගයකි..!! සොහොන් ඉද්ද !