පස්වන කොටස

330 45 9
                                    

එය තවත් එක සෞම්‍ය උදෑසනක් විය.. රත්වැවේ දිය රළ සමඟ හිරු එළිය නේක කෝළම් රටා මවන්නට සේම රත්වැව අබියස වැජඹෙන ශක්තිමත් මී ගසේ අතුවල සෙවණැලිද වැව් දිය මත තවත් රටා ඇඳ දක්වන්නට විය.. උදෑසනම නගරයට යන එකම බස් රථය අල්ලා ගැනීම පිණිස කාර්‍යාල සේවකයෝ හොඳින් ඇඳ පැළඳගෙන වැව් කණ්ඩිය මතින් ප්‍රධාන පාරට ඇදෙන්නට වූහ... හේන කුඹුරු ආදියෙහි වැඩ කටයුතු සඳහා යන්නවුන් උදලු මිටි කර තබාගෙන බුලත් විටක්ද හපමින් එකිනෙකා හා උසුළු විසුළු කරමින් පැමිණ රත්වැව අසල මී ගස් රාජයාටත් ඊට මදක් එපිටින් අහසෙහි දිලෙස සූර්යයාටත් උදලු කෙටිය පසෙකින් තබා දෑත් එක්කොට වන්දනා කිරීමට අමතක නොකළහ...

රත්වැව රජමහා විහාරයද පෙර පරිදි ම සන්සුන්‍ ය.. විටින් විට හමන ළා සුළඟට බෝපත් සැලෙන්නේද රිද්මයකට අනුවය.. ඇබිත්ත කොලුවා උදෑසනම තවත් සාමණේර නමක් සමඟ එක්ව සුදු වැලි අතුළ බෝ මළුවේ පොල් අත්තේ හැඩයට ඉදලකින් රටා අඳිමින් සිටියහ.. කුරුලු වග පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසින් සිටිනා සේ සාමණේරයන් වහන්සේගේ කුරුලු ලෑල්ලෙන් කා බී නා අහවර කොට මිහිරිව නාද කරමින් රත්වැව රජමහා විහාර භූමියේ ඒ මේ අත සැරිසරනට වූහ...

නගරයේ සිට පැමිණි බස් රථය ප්‍රධාන පාර අසල බස් නැවතුමට පැමිණි බව දැනුම් දෙන්නට එහි නළා සැරින් සැරේ නාද වන්නට වූ අතර ඒ හඬ ගමේ සැලකිය යුතු ප්‍රදේශයක් පුරාවටම පැතිර ගියේය.. පෙරදී බසය වෙත ගාටමින් ගියවුන්..  තම ගමන ඉක්මන් කරන්නට වූහ... සියලු සුපුරුදු මගීන් පැමිණි පසු බස් රථය නැවතුම හිස් කරමින් තම ගමනාන්තය වෙත ගමන් අරඹන්නට වූයේය.

වෙනදා නගරයේ සිට පැමිණෙන මේ බස් රථය ගමට පැමිණෙන්නේ හිස් අතිනි.. හෙතෙම හිස් අතින් පැමිණ ගමෙන් එය පුරාවගෙන යන්නේය.. නමුදු අද වෙනසක් වී ඇති හැඩයකි.. කද මලු බැඳගත් එක්තරා තරුණයෙක් බස් නැවතුමේ සිට රත්වැව දෙසට හෙමි හෙමින් අඩි තබන්නට විය..ඔහුගේ කරේ එල්ලා ගත් කළු පැහැති ගමන් මල්ලක් විය.. අනෙක් කරේ වූයේ වයලීන් පෙට්ටියකි... සිනහවකින් මුව සරසාගත් හෙතෙම තම කරේ එල්ලි සිටින ආදරණීය වයලීනයේ පටිය මදක් ඉහලට කොට ගමන් කරන්නට විය..

සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now