වීදුරුවට වැහි දිය වැටිලා එක එක රටා මවමින් පහලට රූටා වැටෙනවා....කාර් එකේ පිටුපස අසුනේ කොනටම වෙලා ඇගිලි තුඩු වලින් වීදුරුවෙ රටා අදිනවා ඒත් වැඩක් නෑ මොකද පිනිබිංදු ඔක්කොම තියෙන්නේ මට ස්පර්ශ කරන්න බැරි දුරින් ඒත් ඒ දුර සෙන්ටිමීටර ගනනක් නමුත් තියන බාධකය නිසා මට ලංවෙන්නවත් ඉඩ නෑ....මගේ ජිවිතේත් එහෙමමයි හැමදේටම ගොඩක් ලංවෙලා නමුත් ලබාගන්න බැරිව...
" ක්රීස්...."වාහනේ එක පාරටම ගැහුවා බ්රේක් පාර නිසා මාව ඉස්සරහට විසික් වුනා වෙලාවට බෙල්ට් එක දාගන හිටියේ...
" සමාවෙන්න පුංචි බේබි...එකපාරටම අර මනුස්සයා පාර පැන්නා... තව ඩිංගෙන් යටවෙනවා...."
" ඉට්ස් ඕකේ පියත් අංකල්...අපි හිමින් යමු.."
පියත් අන්කල් පෙන්නපු කෙනා දිහා බැලුවට හරියටම පෙන්නෙත් නෑ... අහස කළු කරගන වැටෙන වලාකුළුවල කදුළු නිසා හැමදේම බොදවෙලා... කවුරු වුනත් කැප් එකක් දාගන ඒත් මේ වැස්සේ කුඩයක් වත් නෑ...මුළු ඇදුමම තෙත් වෙලා...
ඒ කෙනාත් මම දිහා බැලුව නිසයි ඒ මුහුණ දැකගන්න පුළුවන් වුනේ... බොද වුනත් ඒ ඇස් වලට මාව හමුවුනා.. ගෙවුන ඒ ක්ෂණය තුල ඒ ඇස් මගේ මතකයේ ගැඹුරට කිදා බැස්සේ බොද වුන රූපයක් විදියට.....
- - - - - - - -
" විහා... අද පාරක් යමු නේ...."
ඒ නිශා මගේ අම්මගේ හොදම යාළුවගේ දුව අම්මට අනුව මගේ හොදම යාළුවා....
හවසට පාර්ක් එකට ගිහින් බෙන්ච් එකක ඉදන් හමන සුළග විදින්න. මම හරිම ආසයි එතකොටයි දැනෙන්නේ මම හුස්ම ගන්න බව.........
හැමදාමත් වගේ සුපුරුදු කොන්ක්‍රිට් බෙන්ච් එකේම ඉදගන සද්දේ ගොඩක් අස්සෙන් මම මගේ නිදහස හෙව්වා.. අම්මලා තාත්තල තමන්ගේ ළමයි එක්ක සතුටින් විදින හවස් යාමය මාව තවත් ප්‍රබෝදමත් කලා..
හතරවටේටම කැරකුණු ඇස් නැවැතුනේ එක තැනක... කොට්ටම්බා ගහක් යට වාඩිවෙලා ගහට හේත්තුවෙලා එකක් කකුලක් දිග දාගන අනිත් එක දණහිස උඩට කරන් නවාගන... එදා දැකපු අපිලිවෙල කොන්ඩේමයි අදත්...
YOU ARE READING
තද පැල්ලම්
Short Storyඇහුණු දැනුනු දැකපු අමුණපු කෙටි කතා එකතුවකි . මිනිස්සුන්ගේ ජීවිත පුදුමාකාරයි . ඒ ජීවිත වල සිදුවිම් එකිනෙකට වෙනස් . අහම්බෙන් ඇහුණු මට දැනුනු මම දැකපු නැත්නම් මමම හිතපු හැමදාමත් වෙන වෙනස් ආරක තවත් සිදුවිම් රාශියක් .