අත්දැකීමක්

56 9 1
                                    

මේ ලගදි දවසක අළුත් දෙයක් කලා , අළුත් අත්දැකීමක් එකතු කරගත්තා . අළුත් අත්දැකීම ගැන මොනවාහරි ලියන්න ඕන කියලා හිතුනා .

ලෝකේ ටිකක් විතර ජනප්‍රිය ලංකාවෙ එතරම් භාවිතයක් නැති එක්තරා dating n bff ඇප් එකක එකවුන්ට් එකක් හැදුවෙ පාළුව මකාගන්න අදහසින් හැබැයි මට ඒක බෝරින්ග් වෙලා තිබුණේ . ඇත්තටම වැඩිපුරම ඉන්නේ ෆොරිනර්ස්ලා විතරක් නිසා . ඒත් මේ සතියෙ මුල දවසක එහෙම bff යෙදුම හරහා මුණගැහුණු අවුරුදු 26 ජර්මන් කෙල්ලෙක් එක්ක ඇත්තටම කොලිටි පැය තුනක් ගෝල්ෆේස් එකේ මූද දිහා බලාගන කතා කර කර ගත කරන්න පුළුවන් වීම ඇත්තටම මගේ පලවෙනි ඒ වගේ දෙයක් කරපු අත්දැකීම.

අමුතු ජාතියක සිගරට්ස් පහ හයක් ඉවර වුනත් මගේ පැත්තෙන් නම් ඉවරවුනෙ උපරිම දෙකයි . හීනියට දැනෙන ඒ ස්මෝක් එකයි අමුතු අළුත්ම දේවල් ඉගනගන්න කතා බහයි ඉර බැහැගන යාමයි හීතල හුලගයි එක්ක සංස්කෘතීන් දෙක තුනක මික්ස් වීමක් ගැන කතා කරනෙක ඔළුවට මාරම සහනයක් කියලා ඉගනගත්තෙ එදා . Communications ප්‍රශ්න නොතිබුනාමත් නෙවෙයි ඒත් තේරුම් ගැනීම සහ අදහස් හුවමාරුව හා දැනීම හැමෝටම පොදු දෙයක් .

අපි දෙන්නම එකම වයසේ වුනත් ඒ ගර්ල් රටවල් විසිගානක ඇවිදලා තියෙද්දි මම තවම මේ මුතු ඇටේම හිරවෙලා ඉන්න එකට එක එක හේතූන් තියනවා . කැම්පස් එකේ සෙමෙස්ටර්  break එකට තවත් රටක travel කරන්න ඒ ගර්ල්ට තියන පොටෙන්ෂල් එක මට නැත්තෙ පැහැදිලිවම අපෙ ආර්ථිකය නිසා . පාර්ට් ටයිම් වැඩ කරලා ලෝ බජට් ඇවිදලා මිනිස්සු ගැන ඉගනගන්න එක ජීවිතේ විදින එක ඒ ගර්ල්ට කරන්න පුළුවන් උනාට මට මේ ආර්ථිකය ඇතුලේ ඉදගන ඒ වගේ දෙයක් කරන්න බෑ .

ඒ ගර්ල්ට ආපහු යන්න තිබුණේ හමුවුනු දවසට පස්සේ දවසෙ ආයෙ කවමදාවත් හමුනොවෙන සම්භාවිතාව සියයට සීයක් වෙන්න පුළුවන් ඒත් පැය තුනක් පුරාවට අපි ශෙයාර් කරගත්තු වැඩිපුරම මම අහගන ඉදපු අපිට අළුත් දේවල් ඔළුව ඇතුලෙ තියෙයි. තනියම ජීවත් වෙලා තනියම travel කරලා ඒ ගන්න අත්දැකීම් ලංකාවෙ වටේවත් ඇවිදලා අපිට ගන්න බෑ . එකක් අපි සංස්කෘතිය ඇතුලේ හිරවෙලා නැත්නම් රිස්ක් එකක් ගන්න බයයි . මිනිස්සු එක්ක මූව් වෙන්න අකමැති , ලෝ බජට් වැඩ කරන්න කැමති නෑ නිතරම සැප පහසුව හොයනවා.

සමහර කතාබහ අපි කවුද කියන එක නිර්මාණය කරනවා . අළුත් දේවල් සොයායම් සහ අත්හදා බැලීම් ඒ අතර වෙනවා . මේ අවුරුද්ද පටන්ගත් තැන ඉදන්ම මම අළුත් ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කරගත්තා සහ ඉදිරියට තව එකතු කරගනි .

එදා කතාබහ මෙතන ටයිප් කරන්න බැරිතරම් දිගයි සහ අළුත් අහපු නැති දේවල්වලින් පිරිලා . මට ඕනවුනේ මේ අළුත් අත්දැකීම අකුරු කරන්න විතරයි . ආයෙ කවමදාවත් හමුනොවන මනුස්සයෙක් එක්ක ගෙවුනු පැය තුන මතකයක් කරන්න විතරයි . වෙන්වෙන්න කලියෙන් ඒ ගර්ල් මට පොතක් recommend කරා ඔයා කොහේහරි travel කරන්න කලියෙන් කියවන්න කියලා ඒ පොතේ තියෙන්නේ මානව ශිෂ්ටාචාරය සහ විකාශනය ගැන ඒක කියවලා යන්න ඒ දේවල් ඔයාට ඇත්තටම අත්දකින්න පුළුවන් කියලා .

මගේ අමුතු ආතල් අත්දැකීම් වලින් එකක් ඉවරයි.

මේක මෙහෙමම ලීවේ එතකොට මට කවදහරි මතක්කරගන්න ලේසි නිසා 😌

You've reached the end of published parts.

⏰ Last updated: Mar 30 ⏰

Add this story to your Library to get notified about new parts!

තද පැල්ලම් Where stories live. Discover now