අසම්පූර්ණ .
" ආ.....ඉස්සරහට යන්න ඉස්සරහට යන්න . පොඩ්ඩක් කතා කරගන ඉස්සරහට යන්න "
" ඔය කළු ඇදගන ඉන්න මිස් , පොල්ල අතැරලා ඉස්සරහට යනවද කරුණාකරලා "
කළු පාට බ්ලවුසයක් ඇද සිටි කිහිපදෙනෙකුම බසයේ විය . එකිනෙකා හා ගැලි පැක් වි ඇති බසයේ අතපය පවා එහා මෙහා කිරිමට නොහැකි විය . කළු පැහැ බ්ලවුසයක් ඇද සිටි තේමි උන්නේ වෙනත් කල්පනාවකය . ඇය නිදහස් වාතයක් සොයමින් නහය හකුළුවමින් විදුරුවලින් පෙනෙන මිනිස්සු වේගයෙන් ඔබ මොබ යන පදික වේදිකාව දෙස බලාහිදි .
එකිනෙකාගෙ අත් අල්ලාගත් විසි වියැති යැයි සිතිය හැකි තරුණියන් දෙදෙනෙක් සිනාවන් සමග පදික වේදිකාවේ ඇතට ඇවිද යනු තේමි දුටුවාය . එම දසුනින් තේමිගේ මුහුණේ පලමුව සිනාවක්ද අවසානයේ පරාජිත බවක්ද ඇකි මැකි ගියාය . ඇගේ ඇස් දෙස හොදින් බලන්නෙක්ට දෑස් මත රැදුන කදුළු බිදුවක්ද අනිවාර්යයෙන්ම දැකගත හැකිවනු ඇත." මිස් කොහාටද "
ඇගේ උරහිසට තට්ටුවකි . ඒ තට්ටුවත් සමග හැරුණු ඇය දුටුවේ මුහුණ පුරා රැවුල වවාගත් ටිකට් කඩන මැෂිම අතැති මිනිසෙකි . ඔහුගේ හකු ගිලි ඇත . ඇස් තදරත් පැහැතිව ඇය දෙස බලාහිදි . තේමි කල්පනාවකින් තොරවම ඔහු දෙස බලාසිටියාය.
" කොහෙටද යන්නෙ මිස් "
ඔහු නැවතත් ඇගෙන් ඇසුවේය." නුගේගොඩට "
යැයි කී ඇය කලබලයෙන් ඇගේ අත රැදි අත්බෑගය අවුස්සන්නට විය . ඇයගේ අත්බෑගයේ වූයේ විස්සේ කොල දෙකක් පමණි ." මිස් සල්ලි අතට අරන් නගින්න , දැන් හොයන්න තියාගන්නෙ "
ඇහි බැම් හකුලාගත් කොන්දොස්තරගෙන් ඇයට ගෝරනාඩුවකි . කොන්දොස්තරව නොසලකා හැර ඇය අත්බෑගයේ සියළු කොන් අතගා බැලුවද රුපියල් හතලිහකින් එහා යමක් එහි නොවිනි. දහවලේ ඔෆීසියේ දහවල් ආහාරයට මුදල් පසුම්බියෙ වූ අවසාන පන්සීයේ කොලයද දුන් පසු තේමිට ඉතිරි ලෙස ලැබුනෙ විස්සෙ කොල දෙකක් පමණි . තේමිට එය සිහිවූයේ දැන්ය.
" ඕ .. විනාසයි "
තමන්ටම එසේ නියාගත් ඇය ඉක්මනින් විස්සෙ කොල දෙක කොන්දොස්තර අතට දුන්නාය.
YOU ARE READING
තද පැල්ලම්
Short Storyඇහුණු දැනුනු දැකපු අමුණපු කෙටි කතා එකතුවකි . මිනිස්සුන්ගේ ජීවිත පුදුමාකාරයි . ඒ ජීවිත වල සිදුවිම් එකිනෙකට වෙනස් . අහම්බෙන් ඇහුණු මට දැනුනු මම දැකපු නැත්නම් මමම හිතපු හැමදාමත් වෙන වෙනස් ආරක තවත් සිදුවිම් රාශියක් .