"මෙතුමියත් ලග ඉන්න එකේ අපි කියමු කොහොමද දෙන්නාගෙ ආදර කතාව ආරම්බ වුනේ කියලා "
එ එක්කම මිසිස් කිම් හිනා වෙලා බැලුවේ තමන් දිහා ආදරෙන් බලන් ඉන්න තමන්ගේ සැමියා දිහා
එ එක්කම මිස්ටර් කිම් බැල්ම වෙනස් නොකරම එක අතකින් තම බිරිදගේ උකුල මත රැදුණු අත් දෙක අල්ලගෙන එක අතක් එ අත් අතර පටලව ගෙනම කතා කරන්න ගත්තේ එ කටහඩේත් බැල්මෙත් තමන්ගෙ බිරිද වෙනුවෙන් තියන ආදරය ලෝකයාට දැනෙන්න සලස්වන ගමන්
"එදා අවන්හලෙදි මුල්ම වතාවට දැක්ක දවසේ ඉදන් හැමදාම රැ නිදා ගන්න යන මොහොත වෙනකන්ම මට මැවි මැවි පෙනුනේ මේ ඇස් දෙක මේ හිනාව..එ හැම වතාවකම මට හිතුනේ එක දෙයයි මට ආයේම වතාවක් එයාව හම්බවෙන්න ඇත්නම් කියලා....මට මතකයි එ දවස්වල වෙනදාටත් වඩා උදේන්ම නැගිටලා වෙනදාට වඩා කණ්ණාඩිය ඉස්සරහා හැඩ වෙලා හරිම උනන්දුවකින් අවන්හලට ගිහින් දොර දිහා බලන් ඉන්නවා එ අයිතිකාරිය දැන් මතු වෙයි දැන් මතුවෙයි කියලා හිතන්....එත් සතියක් යනකනුත් මතු වුනේ නැ..."
"ඊටපස්සෙ මොකද වුනේ මිස්ටර් කිම් "
එ එක්කම මිස්ටර් කිම් හිනා වෙලා එ අත නොහැරම බැලුවේ ඉන්ටර්විව් කරන්න ආව තැනැත්තා දිහා
"..සතියක් යනකනුත් ආවේ නැති තැන එන්න එන්න මගේ හිතේ එ රුපේ ආයෙ වතාවක් දකින්න ලැබෙයි කියන විශ්වාසෙ එන්න එන්න අඩුවෙනකොට මගෙ හැසිරිම දිහා බලන් හිටිය අවන්හලේ වැඩ කරපු මගෙ අනිත් යාලුවො.. වේටර්ලා තුන්දෙනා ජුන් වූ හියුන්..ඉවූන් වෝ...බින් වගෙම කඩේ අයිති අන්කල් මිස්ටර් මින් වගෙම කෝකියා වුන ලී අන්කල්.....මන් එතනට වැඩට ගිය කාලෙ ඉදන්ම අපි හැමෝම එක පවුලක් වගෙ හුගක් ලගයි විශේශයෙන්ම මට එයාලා හුගක් ලගයි...ඉතින් එයාලාට මගෙ වෙනස මුල ඉදලාම තේරුණාත් මන්ම කියනකන් අහන්නෙ නැතුව හිටියාට මගෙ කලින් තිබ්බ උනන්දුව සතුට මගෙන් ටික ටික ඇත් වෙනකොට එයාලා එක ගැන මගෙන් ඇහුවාම තවත් හංගන් ඉදලා වැඩක් නැති නිසා මන් එයාලාට මගෙ හිතේ තියන දේ කිව්වාම එයාලා මගෙ හිත වගෙම මගෙ විශ්වාසය ආයේම වතාවක් හැදුවා...ඉතින් මන් බලන් හිටියා...ආයේම වතාවක් මගෙ අයිතිකාරිය මතු වෙනකන් "