(Time difference වෙන තැන්වල Bold කඩ ඉරි පේලියකින් Paragraph වෙන්කර ඇත.)
"ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට්
ලෙෆ්ට් රයිට්ලෙෆ්ට් රයිට්
කන්ඩායම පහසුවෙන් සිටින්""හේශ් අයියේ?"
"ඕ"
"හේරත් සර් කතා කරනවා."
ඉර බැහගෙන යන වෙලාවේ මම බලාගෙන හිටියේ කැඩෙට් අය ප්රැක්ටිස් කරන දිහා වෙද්දි මයෝන් මල්ලිගේ කටහඩත් එක්ක මම පියවි සිහියට ආවා
මේ සතිය නම් තටු ගහලා ගියා වගේ ගෙව්නේ.සතියෙම ග්රවුන්ඩ් එකේ වෙද්දි මේ අන්තිම දවස් දෙක තුනේ මම ඉස්කෝලේ ආවෙත් ට්රැක් කිට් එකකින්.යුනිෆෝර්ම් ඇදන් ආවට වැඩක් තියෙනවද?නැනේ?ඇදන් එන්නේ ජිම් එකට විතරයි.එතනින් පස්සේ ආපහු ටී එකටයි බොට්ම් එකටයි මාරු වෙන එකනේ කරන්නේ.අනික පහුගිය දවස්වල කෙලින්ම අපි ආවේ ඉස්කෝලෙට නෙමෙයි වෙලගෙදරට.
මේ සතියෙට මට වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.ස්පෝර්ට්ස් මීට් වැඩ,අම්මගේ දේවල්,පාඩම් වැඩ. ඒ ඔක්කොම බලනකොටා මට මං ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැ.කන බොනෙ එක පවා මට අමතක වෙලා තිබ්බේ.ලගින් ඉදන් ඒ හැමදේම කරන්න බැරි වුනත් සර් හැමතිස්සෙම මගේ කන බොන එක පවා බලන්න දීල තිබ්බේ නෙලීශට.මම ඌටත් කන්න බැ කිව්වොත් සර් මොන ලෝකෙන් හරි මාව හොයන් ඇවිත් කන්න මොනාහරි ඇරන් ඇවිත් බලෙන් හරි කවල යන්නේ.
මට මිස් වෙන හැම පාඩමක්ම සර් මට රැ වෙලා පැයක් දෙකක් ඇරන් ඔන්ලයින් හරි කරලා කවර් කරලා දුන්නේ ඒවා මට ගොඩ ගැහෙයි කියලා හිතලා.මම මුලින් හිතුවේ මට මහන්සියටත් එක්ක නින්ද යයි කියලා වුනත් අන්තිමට වුනේ නින්ද පැනලා ගිහින් මං සර්ට නිදාගන්න තිබ්බ වෙලාවත් නැති කරපු එක.ඒ තරම් මම මේ මනුස්සයගේ ඉගැනිල්ලටත් ඇබ්බැහි වෙලාද කොහෙද.මේ මාසෙම මට ක්ලාස් යන්න බැරිවෙනකොට සර් ඒවා මට කවර් කරලා දුන්නේ මට ඉස්කෝලේ නෝට් ටික පවා කොපි ගහලා දෙද්දි වෙද්දි කවිත්මයත් ක්ලාස්වල නෝට් ටික අපි හතර දෙනාටම දුන්න නිසා මේ වැඩ අස්සේ වුනත් අපි පුලු පුලුවන් විදිහට පාඩම් වැඩ ටික කවර් කරගත්තා.
සර් ගැන නම් මට කියන්න තේරේන්නේ නැ.මම හැමදාම හිතුවේ හදවතින්ම ආදරේ කරන මිනිස්සු නැත්තටම නැතිවීගෙන යනවා කියලා.මොකද මම ආස්රය කරපු ගොඩක් අය මට කැමති වුනේ මගේ පෙනුමට. නැත්තන් මගෙන් ගන්න පුලුවන් දේවල් වලට වලට.මගෙන් පිරිමියක් වීදිහට ගන්න පුලුවන් දේවල් වලටයි ඒ මනුස්සයෝ ආස කලේ.මමත් සීමාවේ ඉදන් වැඩ කලේ ඒ නිසාමයි.ඒ නිසාම මගේ හිතේ හැම මනුස්සයෙක් ගැනම හොද හැගීමක් තිබ්බේ නැ.මම හැම කෙනෙක්ම ජජ් කරන්න ගත්තා.විශ්වාසය කියන අකුරු පහ මට දැනුනේ ශබ්දයක් විතර තියෙන තේරුමක් නැති වචනයක් ගානට.
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships #1 in stress #42...