බිම වැටුනු කීටැග් එකත් අරන් ඒකත් ෆෝන් එකෙන් ආයිත් එල්ලගන්න ගමන් මන් ඉස්සරහරට අඩියක් තියද්දිම ඉස්සරහින් ලාවට වගේ කාගෙහරි චායාවක් දැක්කා වගේ තේරුනු නිසා මන් විනාඩියකට ඇස් උස්සලා ඉස්සරහ බැලුවේ...දෙයියනේ සුගා ඔප්පා...
මන් බලනකොටත් එයා හිටියේ ෆෝන් එකත් බල බල මගෙ පැත්තට එන ගමන්...මන් හිතන්නේ එයා නම් මාව තාම දැක්කෙ නෑ....
හරි නම් එයා ෆෝන් එක දිහා බලන් එන නිසා මන් එයාගෙ වැදෙන්නෙ නැතිවෙන්න මැදින් අයිනට වෙන්න ඕනි කියලා මන් හොදටම දැනන් හිටියත් මන් කොච්චර කන්ෆියුස් වෙලා හිටියද කියනව නම් මට අඩියක් එහාට වෙන්නවත් සිහියක් තිබ්බෙ නැති තරම්...
ඒත් එක්කම එයා මගෙ ඇගේ වදින්න අඩි දෙකක් විතර තියෙද්දි එයාටත් මාව ඇස් අගින් වගේ පෙනිලද කොහෙද එයා ඩෝන්ඩ් කෙයා බැල්මකින් ෆෝන් එකෙන් ඇස් උස්සලා මන් දිහා බැලුවා...එයා මන් දිහා බැලුවත් එක්කම එයාගෙ ඇස් ආයෙමත් සැරයක් ඉස්සෙල්ල විදිහටම ගැස්සුනේ මන් බලා ඉද්දිමයි...
"ම්...මන් මේ පොඩි වැඩ...කට ඔන්නියගෙ රූම් එක...ට ආවා...එහෙන...ම් මන් යන්නම්....
වචනත් ගොත ගගහා බෙල්ලත් අත ගගා එයාගෙන් ඇස් මගෑරලා කිව්ව මන් හැදුවේ අනිත් පැත්තට එතනින් යන්න...
"පොඩ්ඩක් ඉන්න...
මන් එයා ගාවින් යන්න හදද්දිම එයා එයාගෙ ගැඹුරු හඩින් කිව්වත් එක්කම මන් ආයිත් යන එක පැත්තක තියලා එයා දිහා ඇස් උස්සලා බැලුවේ හාට් එක අසූ හාරදාහට ගැහෙන්න ගද්දි...
මන් බලද්දිත් එයා මන් දිහා බලන් හිටියේ...නිකන්ම නෙවෙයි හරි ලස්සන හිනාවකුත් කට කොනේ දාගෙන...අනේ මන්දා ඒ හිනාව වෙනද වගේ ආඩම්බරකාර හිනාවක් නම් නෙවෙයි...ඒ හිනාව හරිම කියුට්...හරියට එයා ලොකු සතුටකින් ඉන්නේ වගේ හැගීමක් දැනුනේ එයාගෙ ඒ හිනාවෙන්...
"ඇයි?...මන් ඒ තරම් හැන්ඩ්සම්ද?...
එකපාරටම එයා අහනව ඇහුනු හඩට එයාගෙ හිනාව අස්සෙ අතරමං වෙලා හිටපු මන් පියවි සිහියට ආවේ...
"ම්...ම්වෝ?....
මන් වචනත් පටල පටල ඇහුවේ එකපාරටම ඒකට දෙන්න ඕනි උත්තරේ මොකක්දවත් හිතාගන්න බැරි උනු නිසා...ඔහ් ශිට් මටත් මොකක්වෙලාද මන්දා මට නිකන් ෆෙයින්ට් වෙන්න වගේ දැන්නම්...ඒ අස්සෙ හාට් එකත් හැටට හැටේ ගැහෙනවා😭...
YOU ARE READING
||Mr.Mine||(PJM) [Sinhala ff]
Fanfictionඒ කඩවසම් ආඩම්බරකාර මූණේ ඇදිල තිබ්බෙ සීතල හැගීම් විරහිත බැල්මක් උනත් ඒ දිගටි ඇස් නම් කිව්වෙ වෙනම කතාවක්...