48🍇

373 43 13
                                    

මන් ඇස් වල පිරුණු කදුලු පිහිදගන්නවත් විනාඩියක්වත් ඉන්නැතුව එයා ගාවට දුවන් ඇවිත් එයාව පිටිපස්සෙන් බැක් හක් කළේ එයා ලිෆ්ට් එක ඇතුළට යන එක නවත්තගන්න...

"ජ්...ජිමින්...අ...අනේ සොරි...ප්ලීස් තරහ වෙන්න එපා මන් ඔයාව රිජෙක්ට් කළා නෙවෙයි...මන් අඩ අඩා කිව්වේ එයාව පිටිපස්සෙන් බදාගෙනමයි...

"කියූ අතාරින්න...

එයා කිව්වේ ලොකු කේන්තියකින් නොවුනත් මොකක්දෝ නොසන්සුන්කමක් ඒ වචන වල තිබ්බා...

"ස්...සොරි ඉස්සෙල්ල උනු දේට...ප්...ප්ලීස් ආයිත් මාව කිස් කරන්න මන් ඔයාව තල්ලු කරන්නෑ...ප්ලීස්...

මන් අඩ අඩාම කිව්වේ එයාව තව ටිකක් තද කරල බදාගන්න ගමන්...

ඒත් ජිමින්ගෙන් කිසිම උත්තරයක් තිබ්බෙ නැති නිසා මන් ඇස් උස්සලා ජිමින් දිහා බලද්දියි දැක්කේ දෙයියනේ අපෙ ඔප්පයි ඔප්පගෙ ඔන්නියි දෙන්නම ලිෆ්ට් එක ඇතුළෙ ඉදන් ලිෆ්ට් එකේ ඇරුනු ඩෝ එකෙන් කටවල් දෙකත් ඇරන් විලම්භීත වෙලා වගේ අපි දෙන්න දිහා බලන් ඉන්නවා...ඒක දැක්කා විතරයි මන් සොනික් වැහිලා වගේ ජිමින්ගෙන් මෙහාට උනේ ලැජ්ජාවට මගෙ මුළු ඇගේම බුබුළු යන්න ගන්නව දැනෙන්න ගද්දි...

මන් බලද්දි ජිමිනුත් එක අතකින් මූණ වහගෙන වෙන පැත්තක් බලාගත්තේ ලැජ්ජාවටමද කොහෙද...

"අ...ආ ම්ම්...මේ...අපි...අපිට මුකුත් ඇහුන්නෑ...යන්නම් හොදේ...ගුඩ් නයිට් දෙන්නට...

මෙච්චරවෙලාවක් කටත් ඇරන් අපි දෙන්න දිහා බලන් හිටපු ඔන්නි පියවි සිහියට ඇවිත් හිනාවෙන්න උත්සහ කරන ගමන් කිව්වේ අපෙ ඔප්පගෙ කටත් ඉක්මන්ට වහල දාන ගමන්...ඒ ගමන්ම ඉක්මන්ට බටන් එක ඔබලා ඔන්නි ලිෆ්ට් එක වහගත්තට මොකද ලිෆ්ට් එක වැහෙන විනාඩිය වෙනකන්ම ඔප්පා නම් පියවි සිහියට ඇවිත් හිටියෙ නෑ...ශුවර් එකටම ඔප්පාට ලොකුම ලොකු ශොක් එකක් තදටම වැදිලා වගේ🙂...

ලිෆ්ට් එක වැහුනා විතරයි වැහුනු විනාඩියට ජිමින් දිහාවත් නොබලපු මන් ආයිත් අපෙ රූම් එකට දුවන් ආවේ ලැජ්ජාව ඒ තරම් උනු නිසා...රූම් එකට ආපු ගමන්ම අනිත් පැත්තට බෙඩ් එකට පැන්න මන් ඩුවට් එකෙන් ඔලුවත් එක්කම පෙරෝගෙන ඩුවට් එක අස්සෙ ඉදන් එහෙට මෙහෙට පෙරලෙන්න ගත්තේ ලැජ්ජාව පිටකරගන්න කෑ ගහන්න බැරි කමට🥲...කොහොමින් කොහොමහරි බෙඩ් එකේ පෙරළි පෙරළි ඉදලම මහන්සියටද කොහෙද මන් දන්නැතුවම මට නින්දත් ගියා...
.


||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now