Character 5

18 6 30
                                    

*Sunoo's POV*

"හෙලො ENGENE දිස් ඊස් සෝනු'ස් කැම්. දැන් අපි ඉන්නෙ ඉන්චොන් එයාර්පෝර්ට් එකේ. අපි අද ස්පෙයින් යනවා. වාහ් අද අහස හරි ම පැහැදිලියි. හවසට වහිනවා කියලා නම් තිබ්බෙ නෑ. මගෙ එහා පැත්තෙන් ජන්ග්වොන් ශී ඉන්නවා. ජන්ග්වොන් ශී හෙලෝ කියන්න"

"හෙලෝ Engene අපි ස්පෙයින් යන්වෝඕඕඕ 🥳. ඉතින් ඔයාලා මොකද කරන්නෙ? අද TMI ජේ හ්‍යුන් අද එන ගමන් අපිට ඇමරිකානො අරන් දුන්නා. ඒක රසයි 😋"

" තැන්ක්‍ යූ ජන්ග්වොන් ශී. ඔහ් දැන් අපෙ ෆ්ලයිට් එක එන්න ලගයි. ආයෙත් ඉක්මනට හම්බෙමු. ක්ට්"

කාලෙකින් අපි ආයෙ ස්පෙයින් යන්නෙ. Kpop Lux එකෙන් පස්සෙ අපි එහෙ ගියෙ නෑනෙ. මේක දෙවෙනි පාර. ජන්ග්වොන්ටයි මටයි ෆ්ලයිට් එකෙ එක ලග සීට් හම්බවෙලා තියෙන්නෙ. ඒකත් මරු. ස්පෙයින් වල ගොඩක් තැන් වල ඇවිදින්න පුලුවන් වෙයි. මන් ගොඩක් photos බැලුවා මෙහෙ ඇවිදින්න පුලුවන් තැන් ගැන. හෙ හෙ මේ වැකේශන් එකත් හොදට එන්ජෝයි කරන්න පුලුවන් වෙයි.

*Jungwon's POV*

අපි ස්පෙයින් යනවෝඕඕඕ. වෝහෝ
කාලෙකින් හම්බුන දිග වැකේශන් එකක්නෙ මේ. ඉතින් හරිම සතුටුයි ඒක ගැන. අපි ස්පෙයින් ගිහින් ගොඩක් දේවල් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා.

මැනේජර් හ්‍යුන් කිව්වා අපි ස්පෙයින් වල මෙයින් සිටී එකට මුලින් යනවා කියලා. එතන ඉදන් ඊලග තැන් ටිකට යනවා. අපේ ෆුට්බෝල් ෆෑන්ස් ලා ටික හරිම උද්‍යෝගයෙන් ඉන්නෙ Football museum එක බලන්න යන්න.

අපි යන්න හිතන් ඉන්නෙ මැඩ්රිඩ් වලට. එහෙ දවස තුනක් විතර ඉදලා ඊලගට බාසිලෝනා යන්න හිතන් ඉන්නවා. ඉතුරු විස්තර ටික මැනේජර් හ්‍යුන් එහෙට ගියාට පස්සෙ කියන්නම් කිව්වා. කොහොමත් අපි මියුසියම් එකක් බලන්න යනවා. තව රෝයල් පැලස් එක බලන්න යනවා. මම photos වලින් දැක්කා. ඒක නම් මාරම ලස්සනයි. ජේ හ්‍යුන් පොඩි කාලෙ එහෙ ගිහින් තියෙනවලු. ඒකෙ ස්පෙයින් තව පොඩි මියුසියම් එකක් තියෙනව ලු රෝයල් ෆැමිලි එකෙ අය ගැන. එයත් ආසාවෙන් ඉන්නෙ අපි හැමෝම එක්ක එහෙ ආයෙත් යන්න.

*Author POV*

ENHYPEN පැය 14 විතර දීර්ඝ ගුවන් ගමනකින් පසු ස්පෙයින් වල මැඩ්රිඩ් එයාර්පෝර්ට් එකෙන් ගොඩ බැස්සා. එයාලා ස්පෙයින් වලට එන කොට පාන්දර වෙලා තිබුනෙ. ගමන් මහන්සිය නිසාම ඉක්මනට හොටෙල් එකට ගියා. ෆ්ලයිට් එකේදි ම ඩිනර් ගත්තු නිසා කාටවත් ලොකු බඩගින්නක් තිබුනෙ නෑ. ඒක හින්දා ඉතින් රූම් නම්බර් එක ඉල්ල ගෙන ඉක්මනට ගිහින් නිදා ගත්තා.

The Crown  (On Hold)Where stories live. Discover now