*Next day*
"ජන්ග්වොන් ශී. පොඩි ප්රශ්නයක් වෙලා තියෙනවා" මැනේජර් Hyungwon උදේම ජන්ග්වොන් ට කතා කලා.
"කියන්න හ්යුන්"
අපිට වැකේශන් එකෙ ඩේට්ස් ගාන අඩු කරන්න වෙනව."
"ඒ කිව්වෙ හ්යුන්"
හදිස්සියෙ ම company එකෙ ඇති උන ප්රශ්නයක් නිසා Enhypen වැකේශන් එකේ ඩේට්ස් අඩු කරලා ඉක්මනට ආයෙ කොරියාවට එන්න කියලා Director ගෙන් මැනේජර් Hyungwon ට email එකක් ඇවිල්ලා. ඒක හින්දා තමයි උදෙන් ම මැනේජර් Hyungwon ජන්ග්වොන් ට කතා කලෙ.
"අපි මුලින් හිතුවෙ මුලු මාර්තු මාසෙ ම මෙහෙ ඉන්නවා කියල නෙ. ඒක සති තුනකට අඩු කරන්න වෙනවා"
"අයියෝ එහෙම ද"
"ඒ උනාට අපි යන්න දා ගත්තු තැන් ටික අඩු කරන්නෙ නෑ. ඔයාලට රෙස්ට් කරන්න පුලුවන් විදිහට ඒ ටික ඇරේන්ජ් කරන්න පුලුවන්"
"එහෙනම් කමක් නෑ"
"තව දෙයක් තියෙනවා"
"මොකද්ද හ්යුන්?"
"ඔයාලට Loewe වලින් කතා කලා අර photo shoot එකට ඩේට් ෆික්ස් කර ගන්න. ඔයාලා තාම ආවා විතරයි වගෙ නිසා මම කිව්වා තව දවස් දෙකකින් විතර ඒක කරමු කියලා."
"ඒක හොදයි හ්යුන්. ඒ උනාට වැඩිය කල් ගන්නෙ නැතුව ඕක ඉවර කරමු. එතකොට නිදහසෙ ඉන්න පුලුවන් නෙ."
"හ්ම්ම්. එහෙනම් අනිත් අය එක්ක එක්ක කතා කරලා මට ඩේට් එකක් කියන්න. කොහොමත් එයාලා අපිට කියලා තිබ්බෙ මාර්තු මුල් සතියෙ photo shoot එක කරන්න නෙ."
"හරි හ්යුන් මම අනිත් අයටත් කියලා ඩේට් එකක් දාගන්නම්."
"ඔයාලා 11 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. අපි ඉක්මනට යන තරමට හොදයි."
"හරි හ්යුන්. මම හිතන්නෙ දැන් කට්ටියම ඇහැරලා ඉන්නෙ. හ්යුන්ලා බ්රෙක්ෆස්ට් ගත්ත ද?"
"ඔව් ජන්ග්වොන් ශි. අපි කාලා ටිකක් වෙලා."
"අපි තාම කෑවෙ නෑ. කාලා ඉවර වෙලා හ්යුන්ට කෝල් එකක් ගන්නම්."
"හරි. ම්ම් ඔයාල බෑග් එකක් ඕන නම් ගන්න. හැබැයි ඉතින් ගොඩක් බඩු ගෙනිච්චාට වැඩක් නෑ. කෝකටත් ඇදුම් දෙකක් විතර ගන්න. සෙල්ලම් කලාට පස්සෙ චේන්ජ් කර ගන්න පුලුවන්නෙ."
YOU ARE READING
The Crown (On Hold)
FanficVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...