සාදය සදහා අවසාන රාජකීය අමුත්තා ලෙස ඩෙන්මාර්කයේ තුන් වන ඔටුන්න හිමි කුමරු පැමිණියා.
ඔහු ප්‍රධාන ශාලාවෙ දොරටුවෙන් ඇතුල්වනු දුටු එලෙනෝරා කුමරිය ගොඩක් සතුටට පත් උනා. ඇය පෙර දින සිට ම ඔහු ගෙ පැමිණිම අපේක්ෂාවෙන් සිටියෙ. නමුත් කුමරු පැමිණෙන්න හිතුවටත් වඩා කාලය ගිය බැවින් ඇය සිතුවෙ ඔහුට සාදය අමතක වී ඇතැයි කියා.
ෆෙඩ්‍රික් කුමරු කුමරිය සිටි ස්ථානියට පැමිණියා.
ඔහු පැමිණෙනවා දුටු දි කාලොස් ගෙ දෑස් කෝපයෙන් දිලිසුනා. රාජ්‍ය ලබා ගැනීමට ඔහුට සිටින විශාල ම සතුරා ෆෙඩ්‍රික් කුමරුයි.
"ඔබව දැකීම සතුටක් කුමරියනි." ෆෙඩ්‍රික් කුමරු එලෙනෝරා කුමරියගෙ අත සිප ගනිමින් පැවසුවා.
"ඔබ බොහො ප්‍රමාදයි කුමරුනි. මා පෙර දින උදෑසන සිට ඔබ එන තෙක් මඟ බලන් සිටියා." එලෙනෝරා කුමරිය නුරුස්සන ලෙස කිව්වා.
"සමාවෙන්න කුමරියනි-" ෆෙඩ්‍රික් කුමරි ලස්සන හිනාවක් එක්ක කිව්වා. හැබැයි වාක්‍ය සම්පුර්ණ කරන්න කලින් කාලොස් කතා කලා.
"පෞද්ගලික කතාබස් අමුත්තන් ඉදිරියේ පැවසීම රාජකීයන් ගෙ ස්වභාවය නොවෙ." කාලොස් ජොසෝන් සහ ජපන් කුමාර වරු පෙනවන ගමන් කිව්වා.
"මම හිතන්නෙ අපි මෙතනින් ගියොත් හොදයි හ්‍යුන්" ජන්ග්වොන් කොරියන් වලින් කිව්වා.
"මටත් හිතෙන්නෙ එහෙම තමා" හීසන්ග් ඔලුව වනන ගමන් කොරියන් වලින් කිව්වා. "කුමරියනි අප උද්‍යානය නැරඹීමට යනවා. අවසර" හීසන්ග් එලෙනෝරා කුමරිය ට ස්පැනිෂ් වලින් කිව්වා.
"ආදිපාද කාලොස් පැවසූ දෙයින් ඔබතුමන්ල ගෙ හිත රිදුනද. ඔහු පවසන දේවල් ගැන සිතන්න එපා. ඔබලා මෙතන සිටියට කමක් නැහැ" කාලොස් කිව්ව එක හින්දා එයාලා යන්න හදනවා කියලා හිතුන කුමරිය කිව්වා.
"අහ් නැහැ කුමරියනි. අප ඒ ගැන සිතන්නෙ නැ. නමුත් රාජකීය උද්‍යානයේ සිරි නැරඹීමට අවශ්‍යයි. රාත්‍රියට මැඩ්රීඩ් උද්‍යානය බොහෝ සුන්දරයි කියා ජොසෝන් දේශයේ පවා ප්‍රසිද්ධයි" හීසන්ග් බොරුවක් ගැට ගහලා කිව්වා.
YOU ARE READING
The Crown (On Hold)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...