Part 03

419 71 44
                                    

පැය ගානකට ගහපු සාම ගිවසුම් ඊලග දවසේ ඉර උදාවත් එක්කම අවසන් වෙලා තියෙද්දි
ආයෙමත් ජාන් යිබෝ මහා සටන සුපුරුදු පරිදි ආරම්භ වෙලා තිබ්බා...

ජැන්ඩියට ඇදලා රතු රෝස මලකුත් අතින් අරන් කොලේජ් එකේ ගේට්ටුවෙන් ඇතුලට ආජු ජාන්ගේ මූණේ ඉයේ තිබුන සුදුමැලි ගතිය හොයාගන්නවත් නෑ...ඉතින් කොල්ලට උණ හොද වෙලා කියන්න යිබෝටනම් තවත් සාක්ෂි ඕන වුනේ නෑ..

ජානුත් ගැම්මට ඇවිත් යීබෝගේ එහා පැත්තෙන් හිට ගත්තේ සමච්චල් හිනාවක් එක්කමයි..ඒත් ඉතින් යිබෝ ජාන්ට දුන්න කට කොණේ හිනාව එක්ක ජාන්ගේ සමච්චල් හිනාව දූවිලි වලාවක් වගේ වෙලා හුළගට ගහගෙනම යන්න ගියා...

එහෙමයි කියලා ඉතින් ජාන් නෙවෙයි වැඩේ ඇතැරියේ..ජාන් ආස නෑනේ ඔය කාටවත් සෙකන්ඩ් වෙන්න..එයාට පුලුවන් උපරිමෙන් හොදම හොද රැවුමක් යීබෝට දිලා කොල්ලා ගස්සගෙන අහක බලාගත්තා වුනත් යන්තමට යිබෝ අතේ තියෙන ඩේසි මල් පොකුර දැකලා ජාන්ගේ හිත ඒ මල්පොකුර ලග නැවතුනා...

ඩේසි මල් කියන්නේ ජාන්ගේ ආසම මල්නේ...ආ කෙල්ලන්ට විතරද මල්වලට ආස වෙන්න පුලුවන් මොන පොතේද මොන දාර්ශනිකයද එහෙම කියලා තියෙන්නේ..මල විකාර අනේ..ජාන්නම් මාර ආසයිනේ මල්වලට ඒකත් වැඩියෙන්ම ඔය සුදු පාට පෙතු ගොඩක් තියෙක චූටි ඩේසි මල්වලට..ඒවා හරි හැඩයිනේ එක පොකුරට තියෙද්දි

ජාන් ඒ මල් වලට ආසයි කියනවට වඩා එයා ආදරෙයි කියන එකයි මෙතනට ගැලපෙන හොදම වචනේ..
ඔව් එයා ආදරෙයි රෝස මල් වගේ හැමදාම දකින්න නොලැබෙන සරත් කාලෙට විතරක් පිපෙන හරි අමුතු ඒත් සුවපහසු සුවදක් හමන මේ මල්වලට එයා ආදරෙයි..

අනික ඒ මල්වල තේරුම...ඩේසි මලට තේරුම් ගොඩායි ඒ වුනත් ජාන්ගේ හිත නතර වෙන්නෙම එකම එක තේරුමක් ලග..ඒ නිසාම වෙන්න ඇති එයාටත් නොදැනිම මලේ තේරුම කටින් පිටවුනේ

"True Love.."

ජාන් කියපු දේ යිබෝට ඇහුනදෝ කියලා බයවුන ජාන් කලබලෙන් ඔලුව උස්සලා යිබෝ දිහා බැලුවා වුනත් යිබෝගේ ඇස් නැවතිලා තිබ්බේ ජාන්ට හිතාගන්නවත බැරි දුර ඈතක..ඉතින් එයා සැනසුම් සුසුමක් හෙලලා ආයෙත් බිම බලාගත්තා වුනත් දුර ඈතක රැදිලා තිබ්බ ඒ ඇස් ජාන් යිබෝගෙන් ඇස් මුදාගන්න ක්ෂණිකව ජාන්ගේ ලග නතර වුනා.. ජාන් ඇහුනේ නෑ කියලා හිතුවට යිබෝට ඒ වචන දෙක හොදට ඇහුනා..ඉතින් එයාගේ හිතත් දහස් වාරයක් ඒ වචන කෙකම කියවන්න ගත්තා..

  ♡ 𝑀𝓎 𝒯𝓇𝓊𝑒 𝐿𝒪𝒱𝐸  ♡Where stories live. Discover now