10 . කොටස 🐯🐰

444 82 14
                                    

ඒ තරම්ම ආදරේයි ද  -  10 . කොටස
           

                   ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..

" කූ..කිහ්....."



                                  පෝටිපොව අසලට කිට්ටුවට ඇවිත් නතර වුණ ටේහ්‍යුන්ගෙ බයික් එකෙන් බහින ජන්කූක් දිහා කැමේලි බලන් උන්නෙ ලෝක පුදුම හතෙන් එකක් දෙනෙත් ඉස්සරහා තියෙනවා වගේ බැල්මකින්...සේරමටත් වඩා ජන්කූක්ගේ මුණේ ඇදිලා තියෙන හිනාව එක්ක ඔහු ටේහ්‍යුන් එක්ක බයික් එකෙ ඇවිත් තියෙන්නෙ කැමැත්තෙන්මයි කියලා තෙරැම් ගන්න ඇයට පුළුවන්....





" අම්මා ඔය වතුර බටේ...."

" ආාහ්......"





                      ලගට ඇවිත් බිම වැටිලා තිබුණ වතුර බටේ අරගෙන කැමේලි දිහාට ජන්කූක් දික් කරද්දී ඇය ඒක අතට ගත්තෙ හීනෙන් වගේ...මවගේ හැසිරිම එක්ක ඇය ඉන්නෙ  තමාව දැකලා ගොඩක් පුදුම වෙලා කියලා තෙරැණ ජන්කූක් ඊට මොකුත් නොකියා නිහඩව උන්නෙ ඔහුටත් තවම ඔහු මේ කරන දේ ගැන එතරම් විස්වාසයක් නැති නිසා....හිතට ආව සිතුවිල්ලක් එක්ක ටේහ්‍යුන්ගෙ බයික් එකෙ නැගලා ආවා උනත් ජන්කූක් ඒ ගැන කිසිම දෙයක් වැඩිපුර හිතුවේ නැ...






" ආන්ටි කොහොමද...දැන් හොදටම හොදයි නේද....."

" ආා...ඔව් පුතා දැන් හොදටම හොදයි...."

" ඒ උනාට කමක් නැ මහන්සි වෙන්නෙ නැතුව ඉන්න ඔනාවට වඩා හරිද..රෙස්ට් එකෙ ඉන්න...."

                                 හිස් වැසුම ගලවලා බයික් එකෙ රඳවන ගමන් ටේහ්‍යුන් කැමේලිට තරවටු කරද්දී ඇය යාන්තමින් හිනාවුණා විතරයි...




" ඒක තමා මාත් කියන්නෙ...කෝ ගනන් ගන්නෙ නැනෙ ඔයාවත් මෙයාට ටිකක් තදින් කියන්න..නැත්තම් ආයෙමත් ලෙඩ වෙයි...."





                                   මුව විවර කරලා එක වචනයක් කතා කරොත් ටේහ්‍යුන් එක්ක වලියටම යන ඇදයක්ම දකින ජන්කූක් ඔහුගේ පැත්තට කතා කරනකොට කැමේලි තවමත් කල්පනා කරේ තමන් මේ හීනයක් දකිනවාද කියලා..ඒ තරමට ඇය ⁣ජන්කූක්ගෙ හැසිරිම නිසා පුදුම වෙලා ඉන්නෙ....









ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now