24 . කොටස 🐯🐰

433 82 21
                                    

ඒ තරම්ම ආදරේයි ද   - 24 . කොටස

                       ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..





" ඇයි බං මට මෙහෙම උනෙහ්.....ආා...."

" ජන්කූක්...හ්....."




      ජන්කූක් මේ වචන ටික දැන් ජේහොප්ගෙන් අහන්නෙ දහවෙනි පාරට උනත් ජේහොප්ට ඒක පාරකවත් ඒ දේට උත්තරයක් දීගන්න බැරිවුණා හරියට....





" ජන්කූක්..මට කියපන් උඹ කවද්ද ටේහ්‍යුන් අර දෙවල් කිව්වේ....."

" .................. "

" ජන්කූක්...හ්....."

" මගේ බර්ඩ් ඩේ එක දවසේ...එයාහ් බයික් එක දුන්නෙ මට...හ්.. එදා....."






        ජේහොප් අහපු දේට ජන්කූක් උත්තර දුන්නෙ මිනිත්තු කිහිපයක් ම ගෙවිලා ගියාට පස්සෙ...කැමති නැ ජන්කූක් මතක් කරන්න වත් ඒ දවස ගැන...හැමදේම මේ විදිහට සිද්ධ උනෙ එදා දවස නිසා කියලා මතක් වෙනකොට කාලය ආපස්සට ගෙනියන්න පුළුවන් නම් ජන්කූක් ඒ දේ කරනවා අනිවාර්යයෙන්ම....





" උඹ මොන මගුලටද බං පිස්සෙක් වගේ එහෙම දෙයක් කිව්වේ ඉතින්...ආාා...අවසානෙ එකෙන් උඹත් දුක් වින්දා ඌත් දුක් වින්දා...."




          ජන්කූක්ගේ පැත්තෙන් ලොකුම වැරැද්දක් වෙලා තියෙන්නෙ කියලා ජේහොප් දන්නවා උනත් ඔහුට ජන්කූක්ට බනින්න හිතෙන්නෙ නැ...මොකද හිතලා හෝ නොහිතා ඒ කියපු දේ නිසාම ජන්කූක් සැහෙන්න වේදනාවක් උහුලගෙන උන්න නිසා...





" එවලේ කටට ආව දේ මං කිව්වා..එත් එතනින් පස්සෙ මං ඒ ගැන කිසිම දෙයක් හිතුවේ නැ බං...."

" හිතපු නැති එකම තමානෙ බං මේතරම් අවුලක් උනේ...නේද...."

" ම්ම්......"

"  උඹට ටිකක් හිතන්න තිබ්බා බං...මං මේ දේ කිව්වොත් ඒ ඌ⁣ටමොනා හිතෙයිද කියලා....
අකමැති කෙනෙක් ළඟ ඉන්නකොට හුස්ම හිරවෙනවා කියන දේ ගොඩක් ලොකුවට බලපානවා ජන්කූක් ඒ කියන එකාට....සැහෙන්න මානසිකව වැටෙනවා....."







                පිරිසිදු හිතෙන් අවංකවආදරේ කරන කෙනෙක්ට තමුන් නිසා මගේ ජිවිතේ විනාස වෙනවා,මට කිසිම සතුටක් සැනසීමක් නැ කියලා කිව්වොත් කොහොම දැනෙවිද ඒ කෙනාට...දරාගන්න පුළුවන් ද...ආයෙමත් හිත හදාගෙන මොකුත් උනෙ නැ වගේ සතුටින් හිනාවෙලා ඉන්න පුළුවන් ද....ඉතින් ටේහ්‍යුන්ට උනෙත් එහෙම දෙයක් තමා...






ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now