48 . කොටස 🐯🐰

812 95 81
                                    

ඒ තරම්ම ආදරේයි ද - 48. කොටස

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..

" අහ්...මනමාල මහත්තයා නැඟිට්ටාද....ගුඩ් මොර්නින්...."

" ගුඩ් මොර්නින්...⁣මං කොහොමද මෙතන ඉන්නෙ..හ්....."

තෙහෙට්ටු ගතිය එක්ක හිමිට ඇලවෙලා උන්න සෝෆාවෙන් නැඟිටලා ඉදගත්ත ජන්කූක් දෙනෙත් අඬවන් කරගෙන වටපිට බැලුවේ රාත්‍රියේ ටේහ්‍යුන්ගෙ තුරැලේ උන් තමා කොහොමද මේතන ඉන්නෙ කියලා...

"කොහොමද මෙතන ඉන්නෙ කියන්නෙහ්..ඇයි වෙන කොහෙද ඉන්න ඕනා උඹට...."

අතේ තිබුණ කලිසම ගතට දාන ගමන් ජේහොප් කටකොණින් හිනාවෙන ගමන් ජන්කූක් දිහා බලලා අහනකොට ඒ හිනාව ගනන් නොගත්ත ජන්කූක් තවමත් කල්පනා කරේ කොහොමද කාමරේට ආවේ කියලා...
ටේහ්‍යුන්ගෙ ලග උන්න ඒක හීනයක් නෙමෙයි කියලා සියයට සීයයක් විස්වාසයි...එත් මේහෙම සෝෆාවට උඩ ඉදලා ඇහැරැණ එක ජන්කූක්ව කුතුහලයෙන් පිරෙව්වා....

" මොනාද බෙල්ල කරකෝ කරකෝ බලන්නෙ බං...ඕකෙ පොට යයි...හ්....."

සෝෆාවෙන් නැඟිටලා සාලය පැත්තකට වෙන්න තියලා තිබුණ කණ්ණාඩිය ලගට ගියපු ජන්කූක් ගත රැඳි ටී ෂර්ට් එක එහාට මෙහාඉ කරලා ගෙල දෙපස හරව හරවා බලනකොට දෙනෙත් හීනි කරගත්ත ජේහොප් ඔහ ලගට ආවේ ජන්කූක්ට එකපාරටම මොකද උනෙ කියලා හිතන ගමන්...

" ම්හ්...මොකුත් නැහ්...නිකම්...."

ගෙල දෙපස වගේම පපුව පුරාමත් තැනින් තැන තියෙන රත්පැහැ පැල්ලම් දිහා බලලා සැනසුම් සුසුමක් හෙලපු ජන්කූක් කණ්ණාඩිය ළඟින් මෑත් උනෙ පෙර දිනයේ සිදුවුණ දෙවල් තමා දැකපු හීනයක් විතරක් නෙමෙයි කියලා දෙනෙත් ඉස්සරහාම ඔප්පු වෙලා පෙන්න තිබුණාම...

" මොකුත් නැත්තම් ඔය ෂර්ට් එක උස්ස උස්ස මොනාද හොයන්නෙ...."

" මොකුත් නැ බන්...."

" මොකුත් නැති නිසාද..හ් තෝපි දෙන්නා කරපු හපන්කම් එළියේ දාගෙන මගුල් නටන්නෙ...."

" ආාශ්...හ් කණ ළඟ කෑගහන්නෙ යකොහ්...."

ජේහොප් කෑගහනකොට අත් දෙකෙන් කන වහගත්ත ⁣ජන්කූක් රවලා බලනකොට ඔහුට නොදෙවෙනි රැවුමක් ජේහොප්ගෙන් ලැබුණා ජන්කූක්ට....

ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  )Where stories live. Discover now