Chapter 24 🖤💫

178 20 12
                                    

මිසිස් කිම්, යුන්හි ඉන්න ගෙස්ට් රූම් එකෙන් එලියට ආවේ මූනෙ කිසිම හිනාවක් නැතුව.

" නිදිද ඔම්මා..."

" හ්ම්ම් අඬලා අඬලා මහන්සිටම මගෙ කෙල්ලට නින්ද ගියා බෙයා.."

ඒත් එක්කම ටේහ්‍යුන් මිසිස් කිම්ගෙ අතින් අල්ලගෙනම ගියේ කිචන් එකට. ඩයිනින් ටේබල් එකේ පුටුවකුත් ඇදලා මිසිස් කිම්ව වාඩි කරවපු ටේහ්‍යුන් මිසිස් කිම්ට තේ එකක් හදල දෙන්නයි ලෑස්ති වුනේ.

" බෙයා මගෙ කෙල්ල මුකුත් කාලත් නෑ නේද..."

" කාල නම් නෑ තමා ඔම්මා. ඒත් දැන් ඔහොම නිදා ගන්න දෙන්න. ඇහැරුනොත් අපි මොනා හරි කන්න දෙමුකෝ."

" පව් මගෙ කෙල්ල. හුස්ම ගත්තෙත් අමාරුවෙන් බෙයා. ගොඩක් ඇඩුවා.මූන රතු වෙලා ඇස් දෙකත් ඉදිමිලා මගෙ පැටියගෙ."

" ඔම්ම මතක ඇතුව යුන්ගෙ අත් අස්සෙ කොට්ටයක් තිබ්බ නේද.."

" හ්ම්ම් ඔව්..."

ටේහ්‍යුන් ඔලුව වනලා හිනා වෙලා තේ එක හදන්න ගත්තේ මිසිස් කිම්ට මොකක්ද වුනේ කියන සිද්දිය මුල ඉදන් අගටම එකින් එක පැහැදිලි කරලා. ඒ හේතුව නිසාම යුන් කාටවත් නොකියපු ටේහ්‍යුන් විතරක් දන්න යුන්ගෙ අතීත සිද්දිත් ටේහ්‍යුන්ට මිසිස් කිම්ට කියන්න සිද්ද වුනා.

" මතකයි නෙ ඔම්මා.. ඒ දේවල් දන්න බවක් අගවන්න එපා.."

" ඇයි මින් එහෙම දෙයක් කලේ බෙයා.. අනික හනා.. හනා කියන්නේ මගෙ පැටියගෙ ඔම්මනේ.."

" අනේ මන්දා ඔම්මා.. අපි බලමුකෝ.. අප්ප කෝ.. බලන්නකෝ වෙලාව කීයද කියලා..."

" තව ටිකෙන් එයි. අද ඔයා ගියෙත් නෑනෙ ඉතින්. ඒක නෙවේ බෙයා..."

" හ්ම්ම් ඇයි ඔම්මා.."

" යුන් පැටිය හෙට යුනිවර්සිටි යන්න ඕන නේද.."

" ඔව් ඔම්මා. "

" අපි හෙට එයාව යවන්නෙ නැතුව ඉමු. අනික මගෙ කෙල්ලට අදින්න පහසු ඇදුමක්වත් නෑනේ.. බෙයාට පුලුවන්ද හෙට උදේ වරුවෙ යුන් පැටිය එක්ක ගිහින් එයාට ඕන දේවල් අරගෙන එන්න. එතකොට අඩුම කෙල්ලගෙ හිතවත් පොඩ්ඩක් හරි හැදෙයි."

Yes or No 🖤💫 [KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now