Chapter 35 🖤💫

179 21 11
                                    

මිස්ටර් කිම් ඇවිත් හිටියේ මින් මැන්ශන් එකට. ඒකත් මිසිස් කිම්ගේ කීමට. මිසිස් කිම් හැම වෙලේම වද කරන නිසා මිස්ටර් කිම් තීරනේ කලා ටේහ්‍යුන් ගැන යෝජනාවක් යුන්හිට අරන් එන්න. ඒ නිසාම දවස් ගානක් ඉවසලා බැරිම තැන මිස්ටර් කිම් ඒ ගැන කියන්න තමයි අද උදේම මින් මැන්ශන් එකට ඇවිත් තිබ්බේ.

" ආ අන්කල්.. මොකෝ අද මේ උදෙන්ම.. "

මිස්ටර් මින් එක්ක ලිවින් ඒරියා එකට එන ගමන් හිටිය යුන්ගි මිස්ටර් කිම්ගෙන් ඇහුවා.

" ගුඩ් මෝනින් පුතා.. ගුඩ් මෝනින් මින්.."

" ගුඩ් මෝනින් කිම්. ඒත් ඇත්තටම කොල්ල ඇහුවත් වගේ මොකෝ මේ අද උදෙන්ම..."

" ඇත්තටම මින් මට උබ එක්ක විශේෂ කාරණයක් ගැන කතා කරන්න ඕන.. ඒකයි මම කම්පැනි එකට යන්න කලින්ම මෙහෙ ආවේ.."

" අපේ එක්කෙනා එක්ක කතා කරන්න තියන ඒ තරමට වැදගත් කතාව මොකක්ද කිම්.. "

මිස්ටර් මින් ,කිම් දෙන්නගේ කතාව අතරම මිස්ටර් කිම්ට බොන්න ජූස් එකක් අරන් ආපු මිසිස් මිනුත් ඇහුවේ ඇත්තටම ලොකු කුතුහලේකින්.

" ඇත්තටම හනා ඔයයි යුන්ගි පුතයිත් ඉන්න එකත් හොදයි මේ කතාවට.. "

" ඒ ඇයි අන්කල්.. අපේ චූටි මොනා හරි සමයන් වැඩක්වත් කලාද ? "

" අයියෝ පිස්සුද පුතා.. දුව ඔය අගේට අපේ සේහි එක්ක ඉන්නේ.. අද උදේ ටේ එක්ක කම්පැනි එකටත් ගියා.. වීක් එන්ඩ් වල අනිවාරෙන් කෙල්ල යුනිවර්සිටිත් යනවා.. "

" එහෙනම් කමක් නෑ.. මමත් බය වුනා.. අපේ චූටි හරි දග විදියට හැදිලා තියෙන්නෙ කිම්.. ඔයාලට අපේ කෙල්ලගෙන් මේ කාලෙට සෑහෙන කරදර වෙන්නැති..."

මිසිස් මිනුත් යුන්ගි අහපු දේ තවත් බර කරලා එහෙම කිව්වේ හිත හොදකින් නෙවේ. ඇත්තටම යුන්හි දැන් මාස දෙක තුනකටම කිට්ටු වෙන්න හිටියේ කිම් මැන්ශන් එකේ. අඩුම රිලේටිව් කෙනෙක්ගේ ගෙදරකවත් යුන්හිව ඔහොම මිස්ටර් ඇන්ඩ් මිසිස් මින් නවතින්න ඇරලා නෑ. එහෙම එකේ මිස්ටර් කිම්ලගෙ මැන්ශන් එකේ යුන්හි හිතුවක්කාර කමට නැවතිලා ඉන්න එක ගැන මිසිස් මින්ගෙ හිතේ දුකක් වගේම ඒ හා සමානම අමනාපයකුත් යුන්හි ගැන තිබ්බා. කෙටියෙන්ම කිව්වොත් යුන්හි ගෙදරින් ගිය දවසේ ඉදන් මිසිස් මින් හිටියේ හිත හොදින් නම් නෙවේ.

Yes or No 🖤💫 [KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now