Chapter 26 🖤💫

174 24 16
                                    

"ය් -- යුන්..."

යුන් හිතට ආපු පලවෙනි සිතුවිල්ලටම කිසිම දෙයක් ගැන නොහිතා ඇවිත් ටේහ්‍යුන්ගෙ ඔඩොක්කුවෙ වාඩි වුනේ මේ දිහා බලන් හිටිය සෙමීව විතරක් නෙවේ ටේහ්‍යුන්වත් පුදුම කරවලා .

" ම්ම් ඇයි ටේ..."

යුන් කිසිම ගානක් නැතුව තවත් හොදට ටේහ්‍යුන්ගෙ පපුවට හේත්තු වෙන ගමන් ඇහුවේ සෙමී දිහත් කට කොනෙන් හිනා වෙන ගමන් බලලා. මොන දේ වුනත් ටේහ්‍යුන්ට මේක ටිකක් අපහසුයි. නෑ ගොඩක් අපහසුයි. ඒ නිසාම ටේහ්‍යුන් සෙමී දිහා බලලා බොරු හිනාවක් දාලා යුන්ගෙ කනකට ලං වෙලා රහසින් කතා කලා.

" යුන්.. මොකද මේ...."

ඒත් යුන් ලෑස්ති නෑ සෙමී ඉස්සරහ සෙකන්ඩ් වෙන්න.

" මගෙ කකුල් ගොඩාරියක් රිදෙනවා ටේ... හුම්ම්.."

යුන් ටේහ්‍යුන් අහපු දේට සෙමීට ඇහෙන්නත් එක්කම මහ සද්දෙට උත්තර දෙන ගමන් ටේහ්‍යුන්ගෙ ඔඩොක්කුව උඩ දගලලා කොහොම හරි ටේහ්‍යුන් දිහාවට හැරිලා ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගෙන ටේහ්‍යුන්ගෙ පපුවෙ ඔලුව තියා ගත්තේ පොඩි ළමයෙක් වගේ තොලුත් නොපිට පෙරලන් පුලුවන් උපරිම හුරතලේකින්.

" යුන්.. මේක ඕනෑවට වැඩී.... මම මේ කි...."

ටේහ්‍යුන් ආයෙම රහසින් එහෙම කියනකොට ඒ කතාවට බාදා කරපු යුන් ටිකක් කෙලින් වෙලා ටේහ්‍යුන් ගෙ කර වටේ තිබ්බ අත් දෙක අරන් ටේහ්‍යුන් ගෙ මුන අත් දෙකටම මැදිකර ගත්තේ ටේහ්‍යුන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි. ඔය අතරෙ සෙමී නම් හිටියේ කියාගන්න බැරි තරම් තරහකින්.

" Uww.. මාව වඩාගෙන යනවා.. my loving tae tae.... you're so romantic... ඔයා තමා හොදම..."

යුන් ටේහ්‍යුන්ගෙ කම්මුල් දෙකම අත ගාන ගමන් එහෙම කිව්වේ කිසිම ගානක් නැතුව. තමුන් නොකියපු දේවල් යුන් කියන එක ගැන ටේහ්‍යුන් පුදුම වෙලා හිටියත් ටේහ්‍යුන් හිතින් යුන්ගෙ මේ හැසිරීමට ආස කලා. ජෙලසි යුන් ඊස් නෙක්ස්ට් ලෙවල්.

" මිස් සෙමී.. ඔ-- ඔයා දැන් යන්න... මම ලන්ච් එක අරන් ඇවිත් ඔය වැඩේ බලන්නම්..."

Yes or No 🖤💫 [KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now