අටවන වෙළුම

43 13 1
                                    

ඒ කලු පාටින්ම ඇදගෙන හිටිය හතරදෙනා එකපාරම ආව කෙනාට දණගහලා ආචාර කරාමයි මෙච්චර වෙලා ඒ උස මිනිස්සුන්ට ආවරණය වෙලා හිටිය කෙනාගේ මූණ මට දැකගන්න හම්බුනේ...

ඒ වෙන කවුරුත් නෙවෙයි මට තර්ජනය කරපු කෙල්ල උන නිසා මන් තවත් හිටිය තැනින් ඉස්සරහට ගිහින් හැන්ගිලා අහන් හිටියේ මේකි මොන නාඩගමක් මේ රෑ යාමේ නටන්න යනවද කියලා නොදන්න නිසා....

"අප දැන් කුමක්ද කළ යුත්තෙ කුමරියනි"

දණගහලා ආචාර කරපු උන් එකපාරම නැගිටලා අර කෙල්ලට කතා කරපු විදිය ඇහුණම මට තරු විසික් උනේ මේ මාලිගාවේ මන් නොදැන හිටිය මෙ කුමාරිකාව කෝමද පන්චාලිගේ සෙබළියක් උනෙ කියලා දාහක් ප්‍රශ්න හිතේ මතුවෙද්දි....

"මා පැවසූ ලෙස කරන්න...දෙදෙනෙක් පන්චාලි ළගත් දෙදෙනෙක් නකූල් කුමරු ළගත් රැදී සිටින්න...අවස්ථාව ලැබුණ සැනින් වෘෂාලිව රැගෙන මගේ ස්තානයට පලායන්න..එලෙසම නකූල්ගේ හිස කදින් වෙන් කර හිස මගේ නැගණියගෙ ඉදිරියට රැගෙන යන්න...දැනට මේ රාජකාරි ද්විත්වය නුඹලා සිදු කරාම ප්‍රමාණවත්...දැන් මා පැවසූ ලෙස වෘෂාලිගෙ හා නකූල්ගේ මාලිගාවට සිටින අලුතින් පත් වූ සෙබලුන් සතර දෙනෙකු විනාශ කර ඔබලා ඒ ස්ථාන වල පෙනී සිටින්න.කිසිම වරදක් වෙන්න බැහැ..."

"එහෙමයි කුමරියනි"

"ඇදුරුතුමා පැවසුවා තවත් කණ්නාඩියක් පිළිබදව..."

"මා එය දන්නවා..එය මා ඉක්මනින් සොයා ගන්නම්,එලෙසම පන්චාලි රැකගෙන සිටි සැක සහිත රහසත්,පිටව යන්න..."

එහෙම කියලා කතාව ඉවර කරපු ඒ අය කතා උන විදියට අදාල ස්ථානවලට යන්න ගියේ ඒක නවත්වන්න කිසිම දෙයක් මට මේ වෙලාවේ තනියම කරන්න පවා බැරි නිසා..

අර කෙල්ලත් ඒ ගමන්ම ඔලුවත් එක්ක වැහෙන කලුපාට රෙද්දකින් මූණ වහන් මාලිගාවේ දකුණු දොරටුව දිහාවට යන්න ගියත් එක්ක මන් ඉක්මනට මගේ කුටියට දිව්වෙ හෙට උදෙන්ම මන් දැක්ක හැමදෙයක් ගැනම පන්චාලිට කියන්න හිතන්...

ඉක්මනට කුටියට ගිය මන් ආයම හාන්සි උනේ මුලිම් අර කෙල්ල පන්චාලි ගැන කියෙව්ව නිසා නින්ද අහලකටවත් ආවේ නෑ වගේම දැනුත් මන් දැක්ක දේවල් පන්චාලිට කියනකම් ඉවසිල්ලක් නෑ වගේම නින්ද කොහොමවත් ළග නැති නිසා...හරියටම පාන්දර හරියට වෙන්න නින්ද ගිය මට අවදි උනේ මගේ කන ළගින් ඇහෙන ඝන්ඨාරේ සද්දෙ ඇහිලා...අනික් හැමෝම ඒ වෙනකොට නැගිටලා ඊයේ අවසන් කරන්න බැරි උන සන්චාරය යන්න ලෑස්ති වෙලා ඉන්නවා කියල මන් දැක්කෙ ඉක්මනින් මූණ හෝදන් ලෑස්ති වෙලා එලියට බහිද්දියි....

𝘼𝙘𝙧𝙤𝙨𝙨 𝙏𝙃𝙀 𝙈𝙞𝙧𝙧𝙤𝙧❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]Where stories live. Discover now