🖤40🖤

458 60 45
                                    

"ඒ WTF යකෝ,උබ මහ ලොකුවට කිව්වනේ යොනාෂ්ගෙ සම්බන්දයක් නෑ කියලා"

"නෑ නම් තමා මේ වෙනකල්.හැබැයි මෙතනින් පස්සෙ මට සහතික වෙන්න බෑ.මූත් කැරකිලා කැරකිලා ඇවිත් තියෙන්නේම මෙතන්ටනෙ යකෝ.මේවට තමා සංසාර ණය ගණුදෙනු කියන්නේ"

    කට්ටිය ඩීල් එක කරන්න යද්දිම මායි අශේන්‍ය එක්ක අනික් කොල්ලෝ ඇතුලට ආවේ ඩීල් එක සිද්ද කරන එකාට අවදානය නොදී උනත් මගෙ මේන් ටාගට් එකට අවදානය දීගෙනයි.දොර ඇරගෙන ආවට මොකද පොඩි බේසිකයෙක් වෙඩි තිබ්බේ අනේ මංදා මේ වගේ පණ බයේ ඉන්න පොඩි උන් මොන මගුලට මුන් මේ මදාවි වැඩ කරන්න ගන්නව මන්දා.දෙයක් උනෙත් නැතුව ආවා විතරයි පත්තු කරා නිකමට හිතපන් ඕක කොකා ගැස්සිලා වැදිලා නරක තැනකට වැදුනොත් මං කැමති කියන්න ඉන්න ස්ටෙලා නංගිට ඔෆිසර් ලෙහාන් නැති වෙනවනේ..මෙච්චර වැදගත් දේකට ඇවිල්ලත් අනේ මංදා මායි අශේන්‍යයි නම්...ඔක්කොමත් හරි කන්ෆියුස් උනේ ඩීල් එක ගන්න ඉන්න එකාව දැක්කම...යොනාෂ් උබ මාව කාපන් එක්කෝ මරපන්.හැයි යකෝ කූඩැල්ලව මෙට්ටේ තියන්න බෑ වගේ තමා මේ මිනිහා.එපා කියන්නේ මොකක්ද ඒකමයි කරන්නේ අනේ යොනාෂ් උබ ඩෙගපන්.අද මේවගෙන්  දෙකෙන් එකක් විසදෙයි කොහොමත් මං අරූව මරනවම තමා....

    එක කෙලියට වෙඩි හුවමාරු වෙද්දි සීයක් ආවත් ගහගන්න පුලුවන් විදිහේ කොල්ලෝ හතර දෙනෙක් මට හිටියේ.ඉතිං මේක නිකං ඇක්ශන් ෆිල්ම් එකක් වගේ එන එන එකාට වනාගෙන වනාගෙන ගියේ යොනාෂ්ලත් ඩීල් එක කරන එකාගෙ හෙංචයියොන්ට ගහන්න ගනිද්දි.අනේ පකෝ උබ පැත්තකට වෙයන් දැන් අරූ පැනලා ගියොත් උබ මට කියලා යමක් කරගන්න තමා යන්නේ....බුලට් ටික සෙට් කරගෙන මං මුවා වෙලා ඉදපු තැනින් එලියට ආවා විතරයි සිහියෙන් හිටිය හින්දා හොදට ගියා.එකෙක් ආව ගමන් අත දිගෑරලා මගෙ මූනටම ඒම් කරේ මං ඒක මගෑරලා ඌටම ප්‍රති ප්‍රහාරයක් දෙද්දි.මගෙ ඇස් හෙව්වේ මට ඕනෙ කරන කෙනා වෙද්දි ඌ යොනාෂ්ට පිස්ටල් එකක් ඒම් කරේ ඒත් එක්කම මං ඌගේ අතට එක බුලට් එකක් තියද්දි....

💥💥💥

"ආහ්.....උ...හ්.....උබ්.....උබ..."

ඔය බලපන්...බැස්සුවේ හතර දෙනයි මගෙ කොල්ලොන්ව.මෙතන හිටපු 10ම ඩවුන්....දගරපණු උදරාබාදය හැදිච්ච එවුන් වගේ බිම දගලන දෙතුන් දෙනෙක් ඇරෙන්න ඉතිරි ඔක්කොම කෙසෙල් කදන් වගේ බිම ඇදගෙන වැටිලා හිටියේ යොනාෂ්ගෙ නම පාවිච්චි කරලා මෙච්චර කල් රගපු එකා අමාරුවෙන් වචන දෙක තුනක් ගැටගහලා මට "උබ" කියලා කියද්දි.මෙතන්ට ආවට තාම කවුරුත් මගෙ මූනවත් අනික් උන්ගේ මූනවල්වත් නොදැක්කේ දාගෙන හිටපු මාස්ක් වලට පිං සිද්ද...ඔයාලගෙ වචනෙන් කියනවා නම් වෙලේ සුදා ලගට ගිය මම ඌ ලගට නැමිලා.....

Mistake Kidnapping {Complete }Where stories live. Discover now