අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ... Author
1. වට්පෑඩ් වලට ආවෙ මොන කාලෙදිද?
2021 අවුරැද්දෙ .
2. මුලින්ම කියවපු පොත? ඒ පොත ගැන කෙටි විස්තරයක්.
කිම් චන්මි අක්කාගෙ cherry blossom පොත. ජොංකුක් main lead හිටියෙ.හරිම ලස්සන ff එකක්.ff කියලා දෙයක් තියනවා කියලා මුලින්ම දැනගත්තෙත් එ් පොතෙන්.
3. GXB කතා වලින් කැමතිම සහ මතකයේ රැඳුනුම කතාව?
Black rose
4. GXB කතා Wattpad එකෙන් දැන් ටිකක් නැති වෙලා යනවා. ඒ ගැන මොකද හිතන්නෙ?
දැන් ගොඩක් රීඩර්ස්ලාගෙ කැමැත්ත තියෙන්නෙ BL story වලට කියලයි මට හිතෙන්නෙ.
5. තවම මෙතනට අලුත් ඉදිරියට එන්න ඕන කියලා හිතන GXB ඕතර්ලා නම් කරන්න කිව්වොත්?
මට එ් ගැන හරියටම අදහසක් නෑ.එ්ත් milky_heart ඔ්තර් ගෙ පොත් හරිම ලස්සනයි.මං හිතන්නෙ එයා තව ඉදිරියට එන්න ඔ්නෙ .
6. කියවපු කතා වලින් ගත්ත හොඳම දේ මොකක්ද?
කවදාවත් පිට පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කියන එක.
7. වට්පෑඩ් වල දැන් වෙනකොට නැති නමුත් හිටියා නම් හොඳයි කියලා හිතෙන GXB ඕතර් කෙනෙක්ව නම් කරන්න කිව්වොත්?
@Kavi_sithu අක්කා.එ් වගේම milky_heart නංගි .
8. GXB කතා කියවීමේ ප්රවණතාව වැඩි කිරීමට කරන්න පුළුවන් කියලා ඔබට හිතෙන දේවල්?
GXB පොත් ගත්තම බහුතරයක් එ්වයෙ තියෙන්නෙ එකම දේවල් ටිකක්.දෙබස් විතරක් වෙනස් .එහෙම නැතුව ඔ්තර්ලා වෙනස් polt ගැන හිතනවනං GXB කතා කියවීමෙ ප්රවණතාවය වැඩි වේවි කියලා හිතෙනවා.
9. අවසාන වශයෙන් අපේ මේ වැඩසටහන ගැන හිතෙන දේ?
ගොඩක් හොඳ වැඩසටහනක්.ඔ්තර්ලට වගේම රීඩර්ස්ලටත් අදහස් හුවමාරැ කරගන්න ...අනිත් අයගෙ අදහස් දැනගන්න ..මේක හොඳ වැඩසටහනක්.ස්තුතියි ඔයාලට මේ වගේ වැඩසටහනක් කරන එකට.
අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා! යම්කිසි අපහසුතාවයක් සිදු වුණා නම් සමාවෙන්න!
Active Creators - AC_YouthB
YOU ARE READING
Favorites Of Your Favorites
Randomවට්පෑඩ් වල මේ වනවිට කාලයක් පොත් ලියන ලද රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුලත් වේ. එම රචකයන් අතුරින් ඔබට නව රචකයන් හඳුනාගන්න. ඔවුන් වට්පෑඩ් පරිශීලනය කල කාලය තුල ඔවුන් කියවූ රසවත් GXB පොත් සහ ඔවුන්ගේ මතක ගැන දැනගන්න.