අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ.... Author
1. වට්පෑඩ් වලට ආවෙ මොන කාලෙදිද?
මන් මුලින්ම වට්පෑඩ් එකට ආවේ 2021 අප්‍රේල් වල මුල් දවස් වල.
2. මුලින්ම කියවපු පොත? ඒ පොත ගැන කෙටි විස්තරයක්.
මුලින්ම මන් කතා කියෙව්වේ wattpad එකේ නෙමෙයි fb එකේ group එකකින්. නිකිනි අක්කාගේ ඔලී පොත තමයි මුලින්ම කියෙව්වේ. ඒකෙන් තමයි මට ෆෑන් ෆික්ශන් කියවන්න ලොකු ආසාවක් ඇති උනේ.
3. GXB කතා වලින් කැමතිම සහ මතකයේ රැඳුනුම කතාව?
මන් ආසම කතා ගොඩක් තියෙනවා. ඒ නිසා එකක් තෝරගන්න අමාරුයි ඇත්තටම.
4. GXB කතා Wattpad එකෙන් දැන් ටිකක් නැති වෙලා යනවා. ඒ ගැන මොකද හිතන්නෙ?
දැන් gxb ongoing යන කතාවක් හොයාගන්න නැති තරම් වෙලා තියෙනවා. සමහරවිට ගොඩක් අයගේ කැමැත්ත bl කියවන එක ඕතර්ලා ඒ පැත්තට වැඩියෙන් අවදානය දෙනවා කියලා තමයි මට හිතෙන්නේ.
5. තවම මෙතනට අලුත් ඉදිරියට එන්න ඕන කියලා හිතන GXB ඕතර්ලා නම් කරන්න කිව්වොත්?
මේ දවස් වල කතා නම් කියවනවා අඩුයි එදිනෙදා වැඩ එක්ක. මන් දැනට පොත් කියවලා තියෙන අයගෙන් YURA_MAKNAE , Chimmy_Thime වගේ writers ලා තව ඉස්සරහට එන්න ඕන කියලා හිතෙනවා.
6. කියවපු කතා වලින් ගත්ත හොඳම දේ මොකක්ද?
කතා වලින් ගත්ත දේවල් වචන කරන්න බැරි තරම්. මන් ගොඩක් වැදගත් දේවල් පොත් කියවලා වගේම මේක පාවිච්චි කරන අයගෙන් ඉගෙන ගෙන තියෙනවා.
7. වට්පෑඩ් වල දැන් වෙනකොට නැති නමුත් හිටියා නම් හොඳයි කියලා හිතෙන GXB ඕතර් කෙනෙක්ව නම් කරන්න කිව්වොත්?
මේ දවස් වල පොත් කියවනවා අඩු නිසා ඉන්නේ කවුද නැත්තේ කවුද කියලා හිතාගන්න අමාරුයි. සමාවෙන්න.
8. GXB කතා කියවීමේ ප්‍රවණතාව වැඩි කිරීමට කරන්න පුළුවන් කියලා ඔබට හිතෙන දේවල්?
මන් හිතන්නේ තව තව ඕතර්ස්ලා GXB කතා ලියන්න පටන් ගත්තොත් ගොඩක් කට්ටිය කියවයි කියලා. Gxb කතාවල හොද ප්ලොට් නැතුව නෙමෙයිනේ. ගොඩක් ලස්සන ප්ලොට් තියෙන gxb කතා පොත් අදටත් කවුරුත් නොදන්න ඕතර්ස්ලා අතින් ලියවෙනවා ඇති. ඉතින් ට්‍රෙන්ඩ් එකට යන්නේ නැතුව හැම ලස්සන පොතක්ම කියවන්න කියලා ඉල්ලනවා.
9. අවසාන වශයෙන් අපේ මේ වැඩසටහන ගැන හිතෙන දේ?
ඇත්තටම සතුටුයි ඔයාල මාව එකතු කරගත්ත එක ගැන. මන් මේ interview එකක් දුන්න පලවෙනි වැඩසටහන මේ. ඔයාල මේ කරන දෙයින් තව කෙනෙකුට ලියන්න ආස හිතෙන්න පුලුවන් කියලා මන් හිතනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේක කියවන කාටමහරි ලියන්න ආසාවක් තියෙනවා බය නැතුව ඒක පටන් ගන්න. මේකේ ලොකු ලොකු ෆලෝවර්ස්ලා ඉන්න හැමෝම පලවෙනි පොත දාද්දි ෆලෝවර්ස්ලා එක්කෙනයි දෙන්නයි වෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් තමන්ගේ හීන නැති කරගන්න එපා.
ස්තූතියි මාව මේකට සහභාගි කරගත්තට.
අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා! යම්කිසි අපහසුතාවයක් සිදු වුණා නම් සමාවෙන්න!
Active Creators - AC_YouthB
YOU ARE READING
Favorites Of Your Favorites
Randomවට්පෑඩ් වල මේ වනවිට කාලයක් පොත් ලියන ලද රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුලත් වේ. එම රචකයන් අතුරින් ඔබට නව රචකයන් හඳුනාගන්න. ඔවුන් වට්පෑඩ් පරිශීලනය කල කාලය තුල ඔවුන් කියවූ රසවත් GXB පොත් සහ ඔවුන්ගේ මතක ගැන දැනගන්න.