05 පරිච්ජේදය

166 34 8
                                    

"අම්මේ!!!"

"අම්මේ!!"

"ඔයාගෙ ශුඩු පුතා ගෙදර ආවෝඕ!!"

"ඔය ටින් බෙලෙක්කෙ වහගනින්කො බන්...කනක් ඇහිල ඉන්න නෑ මඟුල 😒"

" අනේ තෝ හිටපන් ඇටයා හුහ්...මං මටෝන්නන් දවසම හරි කෑ ගහනවා...මේක මගේ ගෙදරනෙ 😒😌"

"දෙනවා තොට ප##"

"අම්මා!!! මෙන්න මේ පොඩි එකා මට ප---ම්ම්ම් ම්හුක් ම්ම්ම් හ්බ්බ්"

"මොන වදයක්ද බන් උඹල දෙන්නගෙන් තියෙන්නෙ, ගෙදරට ගොඩවුන වෙලේ ඉදන් කනක් ඇහිල ඉන්න නෑ කන්කරච්චලේ....ඇත්තමයි මං දැන් ආවොත් දෙනවා දෙන්නටම "

ඉස්කෝලෙ ඇරිල ගෙදරට එනකොට හැමදාම වගේ මම මගෙ සුමිහිරි කටහඬින් අම්මව අමතන ගමන් තමයි ගෙට ගොඩ වෙන්නෙ...ඕක මං පුංචි කාලෙ ඉදන්ම කරපු දෙයක්...දැන් පුරුද්දට ගිහින්...අපේ පොම්ඩි ඇටයා මගේ අකමැති දේවල් ලිස්ට් එකේ උඩින්ම තියෙන්නෙ ඕක මං හිතන්නෙ. ඌ හැමදාම මට කෑගහනවා නවත්තපන් නවත්තපන් කියල...මං සැලෙනවද කෙල්ලනේ 😌....කොහෙත්ම නෑ...මේ ගෙදර ලොකු එකා වසයෙන් ඌට වඩා අයිතියක් මේ මට තියෙනවා 😌 අපේ අම්මට ඉතින් අපි දෙන්නගෙ රණ්ඩු බේරනවයි කියන්නෙ ගෙදර වැඩ කරනවටත් වඩා අමාරු වැඩක් වෙද්දි එයා දැන් ඕන මඟුලක් කරගනිල්ලා කියල පැත්තකට වෙනවා....අප්පච්චි ඉන්න දවසට තමයි හොඳම එකෙන් කන්නෙ දෙන්නම...ඇයි ඉතින් අම්ම අප්පච්චි ආව දවසට ඒ මාසෙම අපි දෙන්නගෙ හැසිරීම වාර්ථා කරනවනේ 🥲

අදත් පුරුදු විදියට මම කෑගහගෙන ගෙට ගොඩවුනාට පස්සෙ පොම්ඩි ඇටයා මට පුප්පන් එද්දි මං තවත් හයියෙන් ඌට කෑ ගැහුවා...ඊට පස්සෙ ඌ මට කුනුහරුපයක් කියල බනිද්දි මම ආයෙම කෑගැහුවෙ අම්මට කියන්න වුනත් ඌ මගේ කට උගේ අතින් තද කරල වැහුවා...හහ්...හිතාගෙන ඇති ලේසියෙන් මගෙ කට වහන්න...උම්බර් තාම මං ගැන දන්නෑ කොලුවෝ...උඹ ගිනි දැල්ලක්නන් මේ ශෙවින් කියන්නෙ ගිනි ගොඩක් යකෝ 😌...

"ආහ් ....හුත්##--"

" ඇද්ද බොට 😏 මං කිව්වනේ මල්ලි ...මේ ශෙවින් එක්ක හැප්පෙන්න කලින් දෙපාරක් හිතන්න කියලා 😏"

මගේ කට තද කරන් උන්න විහස්ගෙ අත මං දත් වලින් තද කරල හපද්දි කොල්ල මහ සද්දෙන් කෑගැහුවා...මොනා උනත් කොල්ලට තරු පේන්නම රිදුනා කියලනන් කියතෑකි ඒ මුනෙන්....පව් ඉචිම්...මොනා කරන්නත මල්ලි ඔයැයිමයි ඉල්ලම් කැවේ.

෴ හිතුවෙවත් නැති දවසක් ෴Where stories live. Discover now