15 පරිච්ඡේදය

70 15 2
                                    

.
.
.
.
.
.
.

"දිව්රාලා පවසන්න මට ආදරේනම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොදුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්....

හිරු මල් දෑතේ සඟවා
වලා රොදක නැඟිලා
සත්සමුදුරම කලඹාල
ඔබවෙතට එනවා

ඔබේ ඔය සිනාවේ
රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද
හැමදාක සොදුරේ....."




සුපුරුදු පරිඳි බෑන්ඩ් ප්‍රැක්ටිස් ඉවර වෙලා කොල්ලො ටික instrument ටිකත් තියාගෙන පිට්ටනිය ලඟ ගල් බංකු ටික උඩට වෙලා බජව් දානවා. හේතුව තමයි එයාලගේ හමුදා පුහුණුවේ අවසාන දවස තමයි අද. එයාලගේ බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන්න වගේම මාච් එක ප්‍රැක්ටිස් කරන්න ආපු හමුදා නිලධාරියා ප්‍රින්සිපල්ගෙන් ඉල්ලුවෙ සති දෙකයි.ඉතින් මේ සති දෙකට මාච් එකේ කොල්ලො කෙල්ලො ටිකයි බෑන්ඩ් දෙකේ කොල්ලො කෙල්ලො ටිකවයි මැරුවේ නැති ටික විතරයි. කොහොමහරි ඉතින් දැන් කොල්ලො කෙල්ලො ටික ගානට මිම්මට ගමනේ යනවා. හැබැයි තාමත් තැනින් තැන පොලේ යනවා වගේ යන අය කීප ​දෙනෙක් නැතුවමත් නෙවෙයි. හැදෙන්න පුළුවන් එකා හැදෙයි නැති එකා නෑම තමා.


හවස හතරටත් ළඟයි කොල්ලො ටික තාම ඉස්කෝලෙ. මුන්ට ගෙවල් දොරවල් නෑ වගේ නිකන්. ප්‍රැක්ටිස් ඉවරවුනේ තුනට.දැන් හතරයි.

" අඩෝ හතරත් වෙලා බල්ලනේ!!! ගෙදර යන්නැද්ද?"

Side drum එකකට ගගහ හිටපු මලිත් වොච් එක දිහා බලලා එක පාරටම කෑගහලා කිව්වෙ අනික් කොල්ලො ටිකත් ඒ සද්දෙට බජව්ව නවත්තද්දි.


"අඩෝ එච්චර වෙලා ගිහින්ද බන්. තේරුනේවත් නෑ යකෝ. යමල්ලා යකෝ...සිකුරුට්ටා මෙලහට පිනාට කෝල් කරලා කිව්වද දන්නෙත් නෑ."

"නෑ බන්...අන්කල් ඒම නෑ. ඌ අපිට සපෝට් "

"ඒකෙන් කමක්නෑ. දැන් යමන්. චනුකයා, මියුසික් රූම් එකේ යතුර උඹ ළඟ නේද?"

"ම්ම්ම්...."

"යමන් මේ ටික දාලා රූම් එක ලොක් කරන්න ඕනෙ."


You've reached the end of published parts.

⏰ Last updated: Oct 08 ⏰

Add this story to your Library to get notified about new parts!

෴ හිතුවෙවත් නැති දවසක් ෴Where stories live. Discover now