14 පරිච්ඡේදය

60 12 5
                                    


.
.
.
.

අතීතයට

"තූර්ය වාදක කණ්ඩායම................සීරුවේ.....න් සිටින් "

බෑන්ඩ් ලීඩර්ගෙ අණත් එක්කම පහසුවෙන් සිටි බෑන්ඩ් මෙම්බර්ස්ලා සීරුවෙන් හිටගත්තා.හැබැයි කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි හිටියෙනන් එච්චර හොඳ තත්වෙක නෙවෙයි. උදේ අටට පටන් ගත්ත පාර, දැන් දහයටත් වෙලා , එක දිගට පැය දෙකක් කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි අව් කාශ්ඨකේ පිට්ටනිය මැද්දට වෙලා එහෙට යනවා මෙහෙට යනවා. අර සංගීත භාණ්ඩත් උස්සගෙන. ඔක්කොමත් හරි පුරුදු කරන්නයි කියලා ආමි කෑම්ප් එකෙන් ආපු මනුස්සයා ඔක්කොටම වඩා හපන්. කකුල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ වදිනවා කකුල් දෙකට තඩි උණ බටේකින්. ඉතින් කොච්චර අමාරු වුනත් කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි කාගෙන හිටියා ගුටි කන්න තියෙන බයට. ස්පෝට් මීට් එකට තව මාසයක් තියෙනවා. දැන්ම ඉදන් මොකට මේවා කරනවද මන්දා. ස්පෝට් මීට් එකට සතියක් තියලා ප්‍රැක්ටිස් කරානන් ඇතිනේ. කොල්ලො කෙල්ලො ටිකගෙ අදහස. ඒත් ඉතින් ටීචර්ටයි ප්‍රින්සිපල්ටයි හරී.....යට කලබලේනේ 😒

Western band එක වෙනමයි Eastern band එක වෙනමයි. Western එක කොල්ලො, Eastern එක කෙල්ලො. Western band එකේ leader විදියට මේ පාර තේරිලා තිබුනේ අපේ කතාවේ සත්‍ය බෘන්ග ප්‍රේම රාජයා, චනුක. Second leader ඉතින් කවුද කියන්න දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නෙ. චනුකගේ හැම ​දේකදිම එයා එක්ක ඉන්න එකම කෙනා  , ආර්ය. Eastern band එකේ leader , චන්චලා. Second leader හිටියේ චන්චලාගෙ හොඳම යාළුවා දෙව්මි. කොල්ලො ටිකනන් කොහොමහරි ගේම ගහගන්නවා, කෙල්ලො ටිකය තමයි වැඩේ ටිකක් අමාරු. අව්වෙ කට්ට කනවා කියන එක කොහොමත් කෙල්ලන්ට කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.


චටාස් 💥

"ආහ්!!"

"තමුන්ට කෙලින් ඉන්න බැරිද ආ? උදේට කැඳ බීලද ආවේ?"

" න්...නෑ සර්"

කොල්ලො ටික ගේමක් ගහ ගනී කියල කිව්වට අපේ ශෙවින්ටනන් ඒක ටිකක් අමාරුයි වගේ. ඉදලා ඉදලා බැරිම තැන කකුල් දෙකය මාරු වෙවී හිටන් හිටියේ දැනටමත් කොල්ලට කකුල් අමාරුවක් හැදිලා තිබ්බ නිසා. හැබැයි කරුමෙටම කොල්ලවම මීටර් උනා ආමි කාරයට. තප්පරයක් යන්න කලින් තඩි උණ බට පාර හිට්ට කොල්ලගෙ කකුල් දෙක හරහට. පව් අහිංසකයා. පාර සැරටම වැදිලද මන්දා ඇස් දෙකේ කදුළුත් පිරිලා. අඩලා ලැජ්ජා වෙන්න බැරි කමට කොල්ලා කාගෙන හිටියට චනුකට නම් තේරුනා කොල්ලා ඇඬිල්ල හිරකරගෙන ඉන්නෙ කියලා. චනුකටත් අප්සට් ගියා කොල්ලගෙ මූන දැක්කම.

෴ හිතුවෙවත් නැති දවසක් ෴Where stories live. Discover now