𝙿𝚊𝚛𝚝 <2>...

814 143 129
                                    


අදත් උදේ තමන්ගෙ ලොකර් එක ඇරල බලපු ටේහයුන්ග් ඇතුලෙ තිබුන චිට් එකයි කප් කේක් එකයි අතට ගත්ත..
කප් කේක් එකෙන් කටක් කෑව ටේහයුන්ග් චිට් එක පරිස්සමට දිගෑරියා...

" ඔච්චර හැන්ඩ්සම් වෙන්න එපා...මට මුලු යුනි එක එක්කම ඉරිසියා හිතෙනවනෙ...

ආදරෙයි <3 "

චිට් එක කියවපු ටේහයුන්ග් ආපහු පාරක් ඒ අකුරු හතර කියවල තමන්ගෙ හිත පුරව ගත්තා...ටේහයුන්ග්ගෙ මූණෙ හීන් හිනාවක් ඇදෙද්දී ටේහයුන්ග් අදත් වටේටම බැලුවෙ මේ පුංචි දේවල් වලින් තමන්ට මහ ගොඩක් ආදරේ දැනෙන්න දෙන කෙනාව හොයාගන්න...

ඒත් දැනුත් ටේහයුන්ග්ට ඒ කෙනා කියල සැක හිතන්න පුලුවන් කෙනෙක් හොයාගන්න බැරි උනා...

ඊයෙ රෑ තිස්සෙ ටේහයුන්ග්ගෙ නින්ද නැති කරපු බෝල් ඇස් වල අයිතිකාරයගෙ රූපෙ මොන වගේ ඇත්ද කියල රෑ පුරාම හිත හිතා හිටපු ටේහයුන්ග්ට හරියට නින්දකුත් නැති උනා...

කප් කේක් එකම කාල ඉවර කරපු ටේහයුන්ග් ලෙක්චර් එකට යද්දී අද ලෙක්චර් එක පටන් ගෙන තිබුනා...

" ටේහයුන්ග්...ඇයි අද පරක්කු ?"

" ට්‍රැෆික් එක සර්..."

" හ්ම් "

ටේහයුන්ග් කලාතුරකින් දවසක ඇරුනම ලෙක්චර් එකට පරක්කු වෙලා එන්නෙ නැති වෙද්දී ප්‍රොෆෙසර් ටේහයුන්ග්ට හෝල් එක ඇතුලට එන්න ඉඩ දුන්න...

ජිමින්ල ඉන්න තැනට ගිහින් ජිමින් ලග ඉඩෙන් වාඩිඋන ටේහයුන්ග් කට අතින් වහගෙන ඈනුමකුත් යවලා අනිත් හතර දෙනා දිහා බැලුවෙ එයාලට ගුඩ් මෝනින් කියන්න...

ඒත් අනිත් හතර දෙනා දැනටම ටේහයුන්ග් දිහා අමුතු සතෙක් දිහා බලන ගානට බලන් හිටියෙ එයාලගෙ බැල්මට ටේහයුන්ග් කන්ෆියුස් වෙද්දී...

" උබල මොකද ඔහොම බලන්නෙ?"

" උබ සිකියුරිටි වැඩකට වත් ගියාද?"

He Is A DivaWhere stories live. Discover now